“ඇය” (aya) by K.H.Hashini

රිෂී  හුළගට හිමින් හෙලවෙන බෝ කොළ දිහා බලාගෙන ගියේ ගොඩක් දුර අතීතයට.

කලක් පෞද්ගලික රැකියාවක් කල ඈ අහම්බෙන් වගේ රජයේ රැකියාවකට සම්බන්ධ වීමත් එක්ක උපන් ගමට එන්න ලැබුනත් හිතේ අසතුටිනුයි එන්නේ ,මොකද කොළඹ ජිවිතයට ආස කල රිෂීට ගෙදර ඉදන් රස්සාවට යෑම කරදරයක් උනා මොකද නිතරම බදින්න කියල වද කරන අම්මා නිසා.

කාලය ගෙවෙනවත් එක්කම හදිසියේ ආපු යෝජනාව අක්ශාට කැමති වෙන්න සිදු වන්නේ ආයාසයෙනි. මාසයකටත් වඩා අඩු කාලයකින් ඔහු ඇයටත් සැමියා වන්නේ.පිට රටක රැකියාව කල ඔහු ගැන රිෂිගේ අම්මටයි තාත්තටයි නම් තිබුනේ පුදුම පැහැදීමක්.පොඩි පොඩි නොගැලපීම් රිෂීට දැනුනත් වෙන කරන්නට දෙයක් නොමැති නිසා.එත් අම්මාගේ පොරොන්දම් ගැලපිල්ලේ තිබුනේ 18 ක්ම හොදයි කියලා.තිබුණු හැම මුරණ්ඩුකමක්ම අමතක කරලා විවාහයට ලෑස්ති වෙන්න රිෂීට වෙන්නෙත් තනියම.උදවුව්වට ආකෂ්ගේ මල්ලි හිටියත් දෙන්නෙක් එකතු වෙලා කරන්න ඕන දේවල් හැමදේම අඩුවක් නැතිව තනියම කරගන්න ඇයට පුළුවන් වෙනවා.

අවුරුද්දක් ගෙවුණු තැන ආක්ෂ ලංකාවට ඇවිත් ඇය බලන්නට ආවත් හිතේ මොකක්දෝ දෙයක් දැනුන නිසා රිෂී සීයට සීයක්ම ආක්ෂට ලං වෙන්න කැමැත්තක් තිබුනේ නෑ.කොහොමෙන් කොහොම හරි හැමෝගෙම ආශීර්වාද මැද දෙන්නා එකතු වෙන්නේ දාහක් හීන මැදයි.රිෂී හිතුවා වගේම ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ එතනින්.

රිෂීට තේරුම් යනවා ආක්ෂ කියන්නේ MAMA BOY කෙනෙක් කියලා.යාලුවෝ එක්ක පාටි වලට හැම සතියකම යන ආක්ෂට රිෂීව මගැරෙන්නේ නිතැතින්ම.ආයෙම විදෙස් ගත වන ඔහු ඊලග වසරේ නැවත ලංකාවට ආ පසු දරු පැටියෙක් ගැන හිතන්න පටන් ගන්නේ කාලය ගත වෙනවත් එක්කමයි.කොතරම් උත්සාහ කලත් දොස්තරවරු පස්සේ කොතරම් සල්ලි වියදම් කලත් සුභ ප්‍රතිඵලයක් ලැබුනේ නැති තැන ආක්ෂ රිෂීට ඇගිල්ල දික් කරන්න ගන්නවා නිතරම පානේ අඩ දබර පටන් ගන්නවා.ඊට පෝර දමන්නත් ඔහුගේ දෙමාපියන් හිටියා.වසර 4 ක්ම ගෙවිල යන්නේ නොදැනීම අවසන් වරට මුණගැසුන දොස්තර කී දෙයින් රිෂීට වඩා ආක්ෂ විසි වී ගියා.

අන්ධ විශ්වාස මැද ජීවත් වූ ඔහුට දොස්තර පැහැදුවේ ආකෂ්ගේ වරදකින් දරුවන් නැති බවයි.ගැහැණියකට දෙන්න පුළුවන් වද උපරිමෙන් දීපු ඔහුට එතැනින් යද්දී කියා ගන්න දෙයක් නැතිව රිදුනු හිත හදාගන්න ඉදිරිපත් වුනෙත් රිෂීමයි.”හිතන්න එපා අපිට ඉක්මණට දරු පැටියෙක් ලැබෙයි.අපි බෙහෙත් ගමු”.රිෂී හිත හදන්න එහෙම කීවත් හිතේ පොඩි සතුටක් තිබුන මොකද වරද නිතරම එල්ල වුන නිසාත් ඇත්තටම ඒ වන තෙක් පැටියෙක් බඩට ආවේ නැති එකටත්.මාසයක් ගත වූ තැන නොදැනීම රිෂී අම්මෙක් වූ බව දැන ගත් දා තැන නොදැනීම රිෂී අම්මෙක් වූ බව දැන ගත්දා සතුටු කදුළු දෙදෙනාම හෙලුවා.රිෂීට අදටත් මතකයි.කුසේ වැඩෙන පැටියට හිනාවක්  ඇත ගෑ ඇය බෝධිය ලගින් නැගිට ගත්තේ පැන් කලය වක් කර කෘත ගුණ දක්වන්නයි.

 

Author – K.H. Hashini
Email – khhashini@gmail.com
Download – ඇය – K.H.Hashini

Quick Share
Share on facebook
Share on whatsapp
Share on linkedin

Related Articles

“අන්දකාරයේ මිත්‍රත්වය” (andhakaraye mithrathwaya) by Nimeshaka Ayeshmantha

“ඞ්ඞ්ඩෝං” හෙණ හඩින් අඩ නින්දේ පසු වූ මා ගැස්සී අවදිවූයේ එයට ශාප කරමිනි.මහා වරුසාවක් සිරමැදිරියේ වහලය තුලට පතිත වෙමින් තිබිණි.සීතලත්,

Read More »
රතු කුඩය (rathu kudaya) by Abhisheka Ranasinghe

“අද නම් කැම්පස් බස් එක මිස්වෙනවා ශුවර් වෙලාව 8.35යි. කෝකටත් කමක් නෑ… එතනට ගිහින් බලලම යනවා… ත්‍රී වීල් වල ගිහිනුත්

Read More »
“කල්‍යාණ මිත්‍ර ආත්ම බන්ධන” (kalyana mithra aathma bhandhana) by Sanduni Wijesooriya

පක්ෂීන්ගේ කිචිබිචි නාදයත් තුරුලතාවල නැවුම් බවත් එක්කොට ගත් රමණීය ප්‍රදේශයක් ලෙස සමගිපුර ගම්මානය දැක්විය හැකග මෙම ගම්මානය ජාතිල ආගම්ල කුලමලල

Read More »