වදින්නට නොව හිතන්නට….
,,,,,,,,,,, ,,,,,,,,,,,,, ,,,,,,,,,,,,,, ,,,,,,,,,, ,,,,,,
“””මොකක්ද බන් ඔය වැඩේ තේරුම එක්කෝ මට පාඩම් කරන්න දීපන් නැතිනම් උබ පාඩම් කරපන්,
එහෙමත් නැතිනම් ඔය ලැප් එක පැත්තකින් තියලා නිදා ගනින්….””
“ගෙදරින් එනව පාඩම් කරන්න කියලා මෙතනට ඇවිල්ල ෆිල්ම් බලනවා, උබට බය හිතෙන්නෙ නැද්ද
බං විභාගේ අතලග…””
මම අරහෙම කියද්දි බොක්කට මෙහෙම කිව්වෙ කසුන් කසුනුයි , බොක්කයි , මමයි උසස් පෙල ලියන කාලෙ පාඩම් කලේ එකට බොක්ක ඉතින් බොක්කක්ම තමයි සුපිරි චරිතෙ බොක්ක හොද හින්දම නියමට ගැලපෙන නම කවුරු උනත් දාල තිබුනෙ .
බොක්ක ඒවගේම තමා කොක්කක් දැම්මොත් කවුරු කරි හක්ක පන්නලා අරන් කොක්කේ එල්ලයි..
බොක්ක ඇවිල්ලා ලැබීම් ,ගැනීම්, සියල්ල අනුන්ගෙන් තමා ගෙදර යන්නෙ මාස තුනකට සැරයක් ගෙවල් ගාව මලගෙයක් උනොත් ඌ දන්නෙත් නෑ..
අපිත් එක්කමයි වැඩියම හිටියෙ කසුන්ලගෙ ගෙදර එහෙ කසුන්ගෙ නංගි කෙනෙක් ඉන්නව මූ පොඩ්ඩක් කොක්කක් ලයින් කරගෙන ඉන්නෙ ,
ඉතින් පව් වතුර කලගෙඩියෙ ඉදලා කුබුරේ වැඩත් ඌ කරන්නෙ උගේ වගේ..
ඒයි …..මචන් ..දමිත් කොහෙද ඉන්නෙ …
බොක්කගෙන් කෝල් එක.
මම පොස්ට් ඔෆීස් ආව බං ….
ඇයි බොක්ක……
“”මේ ….අර නිල් පාට ටී ෂර්ට් එක නෑනෙ බන්.””…
“”මොන නිල්ද ඕයි….
“” ඇයි යකෝ උබලගෙ අක්ක ගෙනල්ල දුන්නෙ….
හරි ….උබ දැන් කොහෙද ඉන්නෙ කියහන්….බොක්ක..
“”උබේ කාමරේ ගොනෝ….
“උබ ..මොකද මගේ කාමරේ කරන්නෙ ..කෝ අපේ අම්ම…
“”නැන්ද ඔන්න සමතියකට ගියා .. බං…
“”අක්ක..
” උබ ප්‍රොක්ටර් වගේ මල ඉලව් අහන්නෙ නැතිව ටී ෂර්ට් එක කොහෙද කියපන්කො…
“” ගෙදර කවුරුත් නැත්තන් උබ දොර ඇර ගත්තෙ කොහොමද….
“” ඇයි යකෝ තොට මතක නැද්ද කාමරේ ඩ්‍රිල් එක ගලවලා තියෙන්නෙ කියලා”””
“”ගොන් මැට්ටෝ තාත්ත “”ආවොත් තෝ හමගහයි ..
උබ මාර ගොන් මීහරකෙක් නෙ ..
” මගෙන් අරව අහගන්නෙ නැතිව කියපිය ටී ෂර්ට් එක කෝ…
“” මන් දන්නෑ …
“” අඩෝ….. ඩෙනිම හොයාගත්ත උබ හොද එකානෙ .දමිතෝ…කියපන් කියපන් .. මචන් පරක්කු වෙනවා…
“” යකෝ ඔය දෙක මන් තාම ඇන්දෙත් නෑ..
“” ඒකනේ හොයන්නෙ බන් එතකොට කවුරුත් දැකල නෑනෙ මේ දෙක…
” උබෙ..මන් කියන්නෑ ඉතින්….
“” අර …කාඩ්බෝට් පෙට්ටියේ ඇති ..
“”, ආ..හරි මචන් .. මන් උබේ ලාච්චුවෙන් රුපියල් දෙසීයක් ගත්ත …
“” අඩෝ බොක්ක එපා බන් ඕක ක්ලාස් පීස් …
“” ඉතින් අටසීයක් තියෙන්නෙ …
මට මල පැන්න කෝල් එක කට් කරල නිකන් හිටිය . උගේ හැටි එහෙම තමා.
අපි කොච්චර පාඩම් කලත් කියාදෙන්න ගියත් බොක්ක නම් ලැප් එකේම තමා ඒත් ඉතින් කයිවාරුව නම් අපේ අම්මත් එක්ක හරියට ඒ තුනක් ගන්න වගේ.
කොහොම හරි බොක්ක අපි හැමෝගෙම බොක්කටම වැදිල හිටියෙ. ඌ මොනාකරත් හොද එකා…
ඔන්න එක්සෑම් එක හෙට අද බොක්ක යි කසුනුයි අපේ ගෙදර …
කුස්සියට ගියේ බොක්ක අපිට වතුර එකක් ගේන්න..
“” මේ මොනවද බන් උබ හංග හංග කන්නෙ කටේ පුරවගෙන..
“” හ්බ්…මො….මො..කු.ට් නෑ බ්ං …
“”මේකට කතා කරගන්නත් බෑ…
කසුන් අත මිටි මොලවලා බොක්කගෙ බඩට ගැහුවා ..
හුබ්බ්බ්බ්ඕක්….
“”අඩෝ… දමිතයා මූ කැකිරි ගෙඩියක්ම කටේ ඔබාගෙන බන්….
“” හිටපන් මන් නැන්දට කියන්න..
“” උබව සලාදෙ හදයි අද රෑට….
“”අඩෝඔ ඕඕ….
හොද යාලුවො එහෙම පාව දෙනවද බන්…..
උදෙන්ම නැගිට්ට හැමෝම අම්ම කිරිබත් හදලා .
අපිත් කාලා අම්මටයි තාත්තටයි වදිද්දි බොක්ක ඇවිල්ල බිම බුදියගෙන බඩ ගාගෙන අම්මගෙ කකුල් දෙක අල්ලන් ..
“”අනේ බුදු නැන්දේ මේ නස්කූනියෝ දෙන්නට කියන්න මට පේපර් එක දෙන්න කියලා නැත්තන් නැන්දගෙ ශ්‍රී නාමයට කැලලක් වෙයි කොල්ල ගෙනත් තියාගෙන වැඩ ගත්ත ඉගැන්නුවේ නෑ කියලා..
නැගිටින්න ….අම්ම කිව්වත් ඌ බිදියගෙනම ඉන්නවා…
අපිට බොක්කගෙ වැඩ වලට බොක්ක පැලෙන්න හිනා….
ඉස්සෙල්ලම දවසෙ තිබුනෙ පීසික්ස් බොක්ක ඉතින් අපි ලියනකන් කොල ටිකේ බලි ඇද ඇද අපේ දිහා බල බලා ඔලුවෙන් දියන් දියන් කියන්න වගේ ඔලුව වන වනා ඉන්නවා,
පව් ඌ ෆේල් උනොත් හරිනෑනෙ ඒ නිසා අපි ලගම ඌත් හිටිය නිසා කොලටික හිමින් සීරුවේ ඌට පාස් කරා .
මොනා උනත් ඌට ස්පීඩ් ලියන්න පුලුවන් කොපි කරලම පුරුදු වෙලා .
ඒවගේ හැම විෂයක්ම ඌ ලිව්වෙ අපෙන් බලාගෙන , අපි ගෙදර ඇවිල්ල පාඩුවේ හෙට දවසට ලෑස්ති වෙද්දි බොක්ක කුස්සියට ගිහින් අම්මත් එක්ක පන් පෝරිය . හැබැයි නිකන් නෙමෙයි ඌට අහු උනේ මොනාද ඒව කෑව වට්ටක්කත් අමුවෙන් කනව සෝයත් අමුවෙන් කනව ඌට ඉතින් අපේ ගෙවල් බොක්කගෙ ගෙදර වගේ තමා..
කොහොමහරි ප්‍රථිපල ආව අපි තුන් දෙනාම එකම ගාන ඒ,,දෙකයි යි , බී..එකයි
ඉතින් බොක්ක කියනවා එයාගෙ අම්මලා දේවලෙට භාර උනාලු ඒක හින්දලු පාස් උනේ .බෝධි පූජා තිබ්බලු ඒක නිසාලු පාස් උනේ . අපිත් ඉතින් වෙන්න ඇති කියලා හිටිය.
,,,,,,,,,,,,,, ,,,,,,,,,,,,, ,,,,,,,,,,,,,,,, ,,,,
ඉතින් කයිවාරු කාරයෝ කවදත් ඔහොමයි අනුන්ගෙන් යැපිල අනුන්ගෙන් දියුණු වෙලා. හිටියෙ කොහෙද ඉන්නෙ කොහෙද මතක නෑ ඊට පස්සෙ.
ඒත් කවදාවත් අනුන්ගේ පහනින් එලිය බලන්න ඉන්න නරකයි තමන් ගේ නැන නුවන තරමින් යමක් තමන්ම කරන්න ඕන එතකොටයි වටිනාකම තියෙන්නෙ .
අල්ලපු ගෙදර ලිදේ වතුර තිබුනට තමන්ටත් ලිදක් කපාගන්න ඕන එයාල වැට ගැහුවොත් බොන්න වතුර නැති නිසා.
හැබැයි ඉතින් ගොඩක් අය කරන්නෙ.
මගේම කලිසම අගේට ඇදගෙන උගේ වගේ ඉන්න එක.
Author – Nirosh Dileepa
Email – niroshdileepa123@gmail.com
Download – බොක්ක – Nirosh Dileepa