Vividra Events

Currently, we have successfully completed a large number of events and we are doing all the media coverage. Get in touch with us now to make your event's media coverage, event organizing, unique

සංකලන 2024

🌟🌠 සයිබර් අවකාශයේ කලා ප්රාතිහාර්යක් මවන්නට
" සංකලන " 2024
විද්යාර්ථයිනි, ඔබගේ කලා කුසලතා අගයන්න අපි සූදානම් !
අප්රේල් මස 02 අගහරුවාදා දින සවස 2.00 ට
විශ්වවිද්යාලයීය ශ්රවණාගාරයේදී
අපි හමුවෙමු !
 
 
 
 
 

UOVT Open Day 2024

රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්යාලය විසින් පවත්වනු ලැබූ විවෘත දිනය 2024 පෙබරවාරි 02 සහ 03 දිනයන්හි පැවැත් වු අතර දැනුම , විනෝදය සමගින් එහිදි ඔබට UoVT හි ඉගෙනුම් පරිසරය පිලිබදව සැබෑ හැගීමක් ලබා ගැනිමට හැකි වන්නට ඇත.විවෘත දිනය සාර්ථකව නිම කර ගැනීමට නන් සහය දුන් ඔබ සැමට ස්තූතියි.!

Thai Pongal Vizha 2024

සෞභාග්යයේ ආලෝකයෙන් ලොව නැහැවී ජීවිත සතුටින් ඉතිරෙන තෛපොංගල් දිනය වෙනුවෙන් 2024.01.26 දින වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලයේ අපිත් දමිල සහෝදරත්වය වෙනුවෙන් තෛපොංගල් දිනය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අත්වැල් බැද ගත්තෙමු. ඔවුන්ගේ චාරිත්ර වලට මුල් තැන දෙමින් , නර්තන හා මියුරු ගී නාද මැද ආදරණීය හෝරාවන් නොදැනිම මෙලෙස ගෙවී ගියේය.

ප්‍රේමණිය සැදෑව 2024

මේ ලෝකෙ තියෙන ලස්සනම හැගිම් වලින් එකක් තමයි ආදරෙ කියන්නෙ..
ප්රේමණිය සිතුවිලි වලින් ආදරෙ ට්රෙන්ඩින් කල දවසක වෘත්තිය තාක්ෂණ විශ්වවිද්යාලයේ අපි 2024/02/16 දින මියුරු සංගිත ස්වර දිගේ දෙහෝරාවක් ප්රේමයෙත් , විරහවෙත් අරුත් සොයා යන්නට " ප්රේමණිය සැදෑව " සමග මෙලෙස අත්වැල් බැදගත්තෙමු.
ආදරය , විරහව සමගින් සහෝදරත්වය මුසුකරමින් සරසවියේ " ප්රේමණිය සැදෑවක් " එසේ නිමාවිය .

ගස් වලින් පිරුණු රටක් 2023

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් කොමර්ෂල් බැංකුවේ ( Commercial Bank) CSR ව්යාපෘතියක් "ගස් වලින් පිරුණු රටක්" 🌳 යන තේමාවෙන් 2023 නොවැම්බර් 11 සෙනසුරාදා රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාල පරිශ්රයේ දී උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි. මෙම ව්යාපෘතිය යටතේ ඔසු පැල 400 ක්, පළතුරු සහ අනෙකුත් පරිසර හිතකාමී පැල සිටුවනු ලැබීය.විවෘත කිරීමේ උත්සවයට කොමර්ෂල් බැංකුවේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, විශ්වවිද්යාල උපකුලපතිවරයා, පීඨාධිපතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ විශ්වවිද්යාල විද්යාර්ථයින් සහභාගී විය.දෙවසරක කාලයකට පැල නඩත්තුව සදහා බැංකුව සහයෝගය ලබාදෙනු ඇත.මෙම සියලු ආයතන එක්ව ලබාදුන් මේ හරිත වර්ණ වගකීමට , ලබා දුන් මූල්යමය පරිත්යාග සහ අවශ්ය වටිනා උපදෙස් සඳහා විශ්වවිද්යාලයේ පරිසර සංගමය ලෙස අපගෙ විශේෂ ස්තූතිය පුද කර සිටින්නෙමු.

IET School Chapter Inaugural Ceremony

Today marked a milestone as the IET School Chapter Inaugural Ceremony unfolded at the vibrant University of Vocational Technology Auditorium. With the Prof. Mahesh Edirisighe, Vice Chancellor as gust of honer and the esteemed participation of IET Sri Lanka Network President Dr. Tharaka Mohotti, Secretary Dr. Anuradha Jayakodi, and Treasurer Eng. Ravi Rupasighe, we celebrated an inspiring blend of innovation and collaboration within our University.

නවරාත්‍රිය 2023

සෑම වසරකම අවිශ්නවි මාසයේ නැත්තම් ඔක්තෝබර් මාසයේ දි
දුර්ගා දේවිය පෘථිවියට පැමිණිම සිහි කරන ගමන් අපල දුරු කර ආශිර්වාද ලබා ගන්නටත්, ධනය දෙන ලක්ශිමිටත්,දැනුම දෙන වීණා මාතාව සරස්වතීටත් ගරු බුහුමන් දැක්වීමට හින්දු ජනයා මහත් ආදරයෙන් නවරාත්රිය සමරනු ලබයි.
ජාති ආගම් නොසලකා සහෝදරත්වයෙන් බැදෙන ගමන් රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්යාලයේ අපිත් පසුගිය 20 දින සංස්කෘතියට මුල් තැන දෙමින් නවරාත්රිය සමරමින් දමිල සහෝදරත්වයට මෙසේ ලස්සන මතකයක් එක් කලෙමු. 🙏
Scroll to Top