“අන්දකාරයේ මිත්‍රත්වය” (andhakaraye mithrathwaya) by Nimeshaka Ayeshmantha

“ඞ්ඞ්ඩෝං” හෙණ හඩින් අඩ නින්දේ පසු වූ මා ගැස්සී අවදිවූයේ එයට ශාප කරමිනි.මහා වරුසාවක් සිරමැදිරියේ වහලය තුලට පතිත වෙමින් තිබිණි.සීතලත්, මදුරුවන්ගේ රූං සද්දයත් මා හට බැට දුන්නේ අනුකම්පා විරහිතය.අනෙක් සිරකරුවන් තද නින්දේය.ඔවුන්ට වර්ෂාව ගැන හාකිවිංසියක්වත් නැති අයුරුය.වහලයේ ඇති සිදුරකින් වතුර ඇතුලට කාන්දු වන බව දුටු මා අපහසුවෙන් නැගිට අසල තිබූ සබන් කැටයක් ගෙන දැල් දොරෙහි එල්ලී එම සිදුරේ උලා දැමීය.නැවතත් සීතල පොලවේ ගුලි ගැසුණු මා ඇස් අඩවන් කර ගත්තේ නිදා ගැනීමටය.

 

නමුත් නින්ද මා අසලකවත් නැත.එය මීට පෙරද මා වෙත ලගා වී තිබුනේ නැත.කොටින්ම මා මෙහි බිත්ති අතර සිරවූ දා පටන් නින්ද මා වෙත නොආවේය.එම නිසා සෑම දිනකටම මට බෙහෙත් නියම වූවත් එයින්ද මා හට සැලකිය යුතු ප්‍රතිඵලයක් අත් නොවිනි.සැබැවින්ම ජීවිතය ගැන තිබූ ආසාව මට අත්හැරී තිබිණි

 

“යකඩෝ, දෙකත් පහුවෙලා, උඹට තාම නින්ද ගියේ නැද්ද?” සුජී විමසුවේ ඈනුමක් අරිමිනි

 

“නිදිමත නෑ බන්” මට ඉබේටම කියවිණි

 

“ඔය හිතේ තියෙන පරණ දේවල් අමතක කරහං බන්, උන දේ උනා, උඹට අවුරුදු දෙකක් තිස්සේ හැම රූකම මන් මේක කියනව,කොහෙද ඉතීම්”

 

එයට පිලිතුරු නොදුන් මා නැවත වරක් අතීතය මෙනෙහි කරන්නට විය.මා ආදරයෙන් පරාජය වූවෙකි.ඔබ මා හට සිනාසුනත් ආදරයෙහි වේදනාව දන්නේ විදපු මා පමණි.ඇය ගීතාය.ඇයගේ සුන්දරත්වය ඔබට විස්තර කිරීම අපහසුය.ඒ මීට අවුරුදු තුනකට උඩකදිය. ඇය හා මා පෙමින් බැඳී වසර ගණනාවක් ගත කළෝය.නමුදු කාලයාගේ ඇවෑමෙන් හා දෛවයේ සරදමින් ඇයට මගෙන් ලද ආලය මදි වූවා විය හැක.ඇයට වෙනත් කෙනෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති බව මට ආරංචි වන්නේ මගේ යහලුවන්ගෙනි.මම දවස් ගණන් නොකා නොබී කල්පනා කලෙමි.ඇයට මා දැක්වූ ආදරය මගේ හිතේ කැකෑරෙමින් තිබෙන වෛරයක් බවට පත්විය.ආදරයේ නාමයෙන් පලමු වරට ඇගෙන් ලද ලියුම අතට ගත් මා මෙවර වෛරයේ නාමයෙන් පිහිය අතට ගෙන ඇත.මා සිර මැදිරිය තුල සිරවූයේ එලෙසය.ඇය මරා දමා ගෙදර විත් දිවි තොර කර ගැනීමට උත්සහ කලද අම්මා එය වැලැක්වූයේ නොසිතූ ලෙසටය.

 

එදා පටන් නින්ද මට ලගා නොවේ.සෑම විටම සිත තුල රුවි පිළිරුව් දෙන්නේ මාගේ ආත්මය පිළිබදව තවදුරටත් මට අයිතියක් නැති බවයි.මට මෙහි යහඵවන් නැත.මා නිහඩ පුද්ගලයෙකි.නිතරම අනුන් මට සමච්චල් කරයි.මාගේ ජීවිතයේ වැදගත්කම කුමක්ද? සෑම රුයකම ඉවරයක් නොවනා සිහිනය එයයි.

 

පසුවදා උදාවුනි.මුහුණ කට සෝදාගත් මා අනෙක් රුදවියන් සමග උදෑසන ආහාර පෝලිමට එක්විණි.රැයක් නොනිදා සිටි මා පෝලිමේ අවසානයට එකතු විය.නව සිරකරුවෙක් එළිමහන් සිරකදවුර වෙත පැමිණෙන බව දුටුවේ එවිටය

 

“අලුත් කාලකන්නියෙක්” මටම කියාගත්තෙමි.ඇත්තෙන්ම මම එදා සිතා සිටි ආකාරය වැරදිය.මගේ ඉතිරි ජීවිතයම වෙනස් කල පුද්ගලයා ඔහුය.මා ජීවත්කරවීමට හෝ මරා දැමීමට දෙවියන්වහන්සේ නැතහොත් මාරයා එවූ පුද්ගලයා, ඔහු යැයි මම එදින සිහිනයකින්වත් නොසිතන්නට ඇත.ඉතා කඩවසම් හා හැඩි දැඩි සිරුරක් තිබූ ඔහුට මගේ සිත ඇදී ගියේ නිරායාසයෙනි

 

කෑම කා අවසන් කල පසු තමන්ට නියමිත රාජකාරී සදහා පිටත්වීමට සිරකරුවන් පෝලිම් ගැසිණි.නවකයාද මට අයිති පෝලිමෙහි පෙරමුණ ගෙන ඇති බව මම දුටුවෙමි.මට පැවරී ඇති රාජකාරිය වූයේ mannokka දඩු සිටවීම සදහා පස සකස් කිරීමයි.ඉතා අලසව මා ඒ කටයුතු වල නිරත වූයේ ඇ`ගට විශාල තෙහෙට්ටුවක් දැනුන හෙයිනි.ඒ සෑම රෑකම අවදියෙන් සිටින නිසා විය යුතුය.

 

“ඕයි ඉක්මනින් කොටපන් අයිසේ, දවසම ඔතන කොටන්නද කල්පනාව” නිළධාරියා පැවසූයේ යක්ෂාරූඩවය

 

“හරි සර්” මට කියැවිණි.විඩාපත් බව පැත්තකින් තබමින් මම ලහි ලහියේ වැඩකටයුතු පටන් ගත්තෙමි.නිළධාරියා ඉවත්ව ගිය පසු මම හිස ඔසවා වටපිට බැලිමි.නවකයාද ඒ අතර විය.පුදුමයකට මෙන් ඔහු මා දෙස බලා සිටියි.මගේ හිතේ තරහක් පැන නැගිණි

 

“ඇයි උඹට මොකද වෙන්න ඕන?” මා විමසුවේ තරහෙන්ය

 

“නෑ නෑ උදව්වක් ඕනද? මං උදව් කරන්නද?”

 

නවකයා මා ඇමතූ ආකාරයට මා තුෂ්ණිම්භූත විය.මීට පෙර කවරෙක්වත් මට එසේ කතා කර නොමැත.මා මේ සිරකඳවුරේ නිකමාය.මට ඇත්තේ හීන් දෑරි උසින් අඩු ශරීරයකි.එම නිසා සෑමවිටම අනෙකුන් මා සමච්චලේට ලක් කරේය.නමුත් මේ හැඩි දැඩි නවකයා මට ඇමතූ ආකාරයෙන් ප්‍රථම වරට සිතට ප්‍රබෝධයක් ඇති විය

 

“මම රොහා, තුනක් මරලා ඇතුලට ආවේ, ඕන් මන් ගැන කෙටියෙන්ම” නවකයා තමාව හඳුන්වා දුන්නේය.

 

“මම චූටි, කෙල්ලව පරලොව යැවුවා”

 

“මම හිතාගෙන හිටියට වඩා තදයෙක් වගේ” යැයි රොහා පැවසූ විට මගේ යටි සිතේ සිනාවක් පහල විය.සත්‍යවශයෙන්ම මා ගැන දන්නේ මා පමණි.මාගේ ඇතුලාන්තයේ ඇති වේදනාව, තරහව, මාරයාට ඇති කැමැත්ත දන්නේ මා පමණි

 

“උඹ හිතින් හිනා උනත් මට ඒක පේනවා බන්” යැයි රොහාගේ කටින් පිටවිණි.මා ගැස්සී ගියේ එවිටය.ඔහුගේ තීක්ෂණ නෙත් යුගල මගේ දෑස හරහා කිඳා බසින බව මට දැනිණි

 

එලෙස මිතුරන් වූ අප දෙදෙනාගේ මිත්‍රත්වය දවසින් දවස වර්ධනය විය.සෑමදාම ඔහුත් සමගින් කතා බස් කරමින් මම ක්‍රියාශීලීව වැඩ කටයුතුවල යෙදුනේය.දවසින් දවස රැඳවියන්ගේ මෙන්ම නිළධාරීන්ගේ අවධානයද අප වෙත වැඩෙමින් තිබිණි.මන්ද යත් අප විශාල වශයෙන් වෙහෙස මහන්සි වී වැඩකටයුතුවල යෙ§ම නිසාවෙනි.සෑම රැයකම රැඳවියන් ඔහු වටා එක් රුස් වී ඔහුගේ වික්‍රමයන් පිලිබඳව කතා අසන්නට පටන් ගෙන තිබිණි.රැඳවියන් මහත් ආසාවෙන් ඒවා රසවි¢න ආකාරය මම බලා සිටියෙමි

 

“කාට බයවුණත් ඒ බය කවදාවත්ම ඌට පෙන්නන්න එපා, පුලුවන් තරම් උඹේ මුහුණෙන් තරහා පිටකරන ගමන් ඒකාගේ ඇස් දිහාම බලාන් ඉඳපන්.” සෑම දිනකම රොහා මට දෙන උපදෙස එයයි.මා එය ඒ අනුවම ක්‍රියාත්මත වූ  නිසා යහපත් ප්‍රතිඵල රාශියක් ලැබිණි.නමුත් සමහර රුඳවියන්ට එය ඉවසුම් නොදෙන කාරණයක් විය.නමුත් මින් පසු සිදු වූ සිදුවීමෙන් තවදුරටත් එය ඵුස්සක් බවට පත්විය. එක්දිනෙක,

 

“හ්ම්, උඹ හිතාන් ඉන්නේ පොර කියලද? හැමෝටම පේන්න දැන් රගන්නේ?”

 

ඒ වසන්තය,අන්වර්ත නාමය වසාය.දරුණු ගනයේ අපරාධ කාරයෙකි.ඔහු මා වෙත කෙලින්ම ප්‍රශ්නය යොමු කරේ මා බිම් කොටමින් සිටි අවස්ථාවකය.නිළධාරියාද ඉවතට ගොස් ඇත.යම් තරමකට සිරකරුවන් මොහුට ඇති බිය නිසා අවනතය.නමුත් මා දැන් එසේ නොමැත.රොහා අසල සිට මෙම සිදුවීම දෙස බලා සිටියි.මගේ හිතේ යම් ශක්තියක් ගොඩනැගී තිබුනේ රොහා නිසාය.ඒ නිසාදැයි මම නොදනිමි

 

“මම පොරක් උනත් උඹට මොකද? මට ඕන වැඩේ මම කරන්නේ” යැයි ගත් කටටම කියවිණි

 

“ආ එහෙමද දැන් වෙන්නේ,ආ ඉදා” චටස්

 

මගේ කන හරහා පහරක් එල්ල විය.සීතල දහඩිය බිඳුවක් කම්මුල හරහා පොලව සිපගන්නා බව මම දුටුවෙමි.මගේ හිත තුල අරක්ගෙන සිටිනා යක්ෂයා ක්‍රමයෙන් එලියට ඒමට පටන් ගෙන තිබිණි.ක්‍රමයෙන් මගේ අතේ නහර ඉලිප්පෙන්නට විය.අත් මිටි කරන් නැවත පහරක් දිමට හැරුනත් සිදුව ඇත්තේ සිහිනෙන් වත් නොසිතූ දෙයකි

 

රොහා වැඩ පටන් ගෙනය. රොහාගේ දරුණු පහරවල් හමුවේ බේරීමට නොහැකිව වසා මුහුණ අතින් වසාගෙනය.ඉතින් තවත් බලා සිටීමේ පලක් නොමැත.මමද පැන රොහා සමග එක්විණි.මා මුහුණට දුන් පහරින් වසා බිම ඇද වැටිණි.ඔහුගේ නහය කැඩී යන්නට ඇත.වසා වේදනාවෙන් කෑ මොර දෙන්නට විය.සිතේ මෙතෙක් කල් සැගව තිබූ තරහව වසන්ත මතින් පිටකරන්නට විය.ඔහුගේ මුහුණ මත නැග පහර පිට පහර එල්ල කරන්නට විය.මගේ අතින් මගේ පාලනය ගිලිහී ගොස්ය

 

“තව ගහපං,ඕකාගේ දත් ඇන්ද එලියට ගනින්.” රොහා කෑ ගසන්නට විය

 

එයින්ද ප්‍රබෝධයක් ලද මා උමතුවෙන් මෙන් වසාට පහර දෙන්නට විය.මා දුරින් ඇසුරු කල ගාමා

පැමිණ මා එවෙලෙහි ඉවත් නොකලානම් වසන්තගේ මලගමද මා අතින් ලියවීමට ඉඩතිබිණි.ඒ වන විටත් වසා සිහිමුර්ජා වී සිටියේය.ගාමා ඔහුද ඉවතට ගෙන යන ලදී.

 

“උඹට කවුරු නැතත් මං ඉන්නවා.හිතපන් අපි දෙන්නම එක්කෙනෙක් කියලා” රොහා මගේ කරට අතදමා පැවසූ විට මට නව බලාපොරොත්තුවක් හිත තුල මෝදුවන්නට විය.සැබැවින්ම මටත් වඩා රොහා කඳවුර තුල වීරයෙක් වී ඇත

 

එම සිදු වීමෙන් පසු සිරකඳවුරෙහි ජීවිතය වෙනස් මගකට හැරී තිබිණි.සියලුම රැඳවියන් මා හා රොහා දෙස බැලුවේ සිතේ සගවාගත් බයකින් හා ගාම්භීරත්වයකිනි.නිළධාරීන් එම සිදුවීම පිළිබඳව දැනුවත් වූවත් වසන්තට, රොහාට හා මට තරයේ අවවාද කරන ල§.සෑම දිනකම කෑම පෝලිමේ ප්‍රථමයෙන්ම සිටින්නේ මාය.සත්‍යවශයෙන්ම රොහා මගේ කාලකන්නි ජීවිතය වෙනස් කර ඇත.මා සිතා සිටින්නේ දෙවියන් කෙරේ විශ්වාසය තවමත් තබාසිටිය හැකි බවයි.ඔහු මගේ ඉතිරි කාලය අරමුණක් සහිතව ගෙවා දැමීම සඳහා දේවදූතයෙක් මිනිස් වෙසින් මා වෙත එවා ඇත.ඒ රොහාය.සැබැවින්ම ඔහු දේවදූතයෙක්ද? නැත්නම් මාරයාගේ දූතයෙක්ද? තීරණය ඔබ සතුය.මරණයේ අවසන් හෝරා කිහිපය මා වෙත ලං වෙමින් පවතීද?

 

මධ්‍යම රාත්‍රිය පසු වී තිබිණි.රොහා මට හදිසියේම අමතන්නට විය

 

“ඕයි චූටි,උඹට හැමදාම ඕනකරලා තිබ්බේ මෙහෙන් පැනගන්න නේද? උඹ හැම රෑකම කියන්නේ මෙහේ හිර වෙලා ඉන්න බෑ කියලනේ”

 

“උඹ මෙහේ ඉන්න හින්දා මට දැන් අවුලක් නෑ බන්,උඹ මට සහෝදරයෙක් වගේ”

 

“මම ඒක දන්නවා බන්,තව අවුරුදු කීයක් මෙහේ ඉන්නද? යමං පනිමු, මන් ගාව ප්ලෑනක් තියෙනවා”

 

ඇත්තෙන්ම මගේ මනස තුලද නිදහසේ චේතනාවන් මෝදුවන්නට පටන් ගෙන තිබිණි.පුදුමයකට මෙන් එය රොහාටද දැනී අවසන්ය.

 

“උඹට යන්න ඕන නම් යමං,උඹ යන්නේ කොතනද මන් එතන” යැයි එලෙස මගේ කටින් පිට වූයේ රොහාව අවිශ්වාස කිරීමට කිසිම හේතුවක් නොමැති බැවින්ය.

 

“3.30 කෝච්චිය අල්ල ගමු.එතකොට වැඩේ ලේසියි.” රොහා කීවේ දැඩි අධිෂ්ඨානයෙනි.දුම්රිය ස්ථානය ඇත්තේ කිලෝමීටර 3 ක් පමණ ඈතකිනි.සෑමදාම තැපැල් දුම්රිය 3.30ට ගමන් ආරම්භ කරයි.වේලාව දෙක හමාර පසු වී ඇති බිත්ති ඔරලෝසුවේ දිස් විය.

 

ඉතින් අවසානය එසේ ඇරඹිනි. බිත්ති හතරින් එලියට යාමට සියලු කටයුතු සූදානම්‍ය. අපගේ වාසනාවට මෙන් මහා වර්ෂාවක් කඩා හැලෙමින් පවතී.පැනයාමට අවශහ් සියලු දෑ සකස් කරනු ලැබුවේ රොහා විසිනි. මා සිටියේ එළිමහන් සිර කඳවුරක බැවින් ආරක්ෂාව එතරම් තර නොවීය. සුලු නිළධාරීන් ප්‍රමාණයක් පමණක් මෙහි රාජකාරී කටයුතු සිදු කරයි.අපගේ වාට්ටුවෙහිද සිටින්නේ එක් නිළධාරියෙකි.අද සිටින්නේ මට එදා බැනවැදුනු නිළධාරියාය.වසන්ත සමග සිදු වූ ගැටුමේ§ එම නිළධාරීයා මා හා කුඵපගු විය.මන්ද යත් ඔහුටද වසන්ත පෙනෙන්නට බැරිය. මාගේ ඖෂධ ගෙනත් දෙන්නේද මෙම නිළධාරියාය. එම නිසා සිතේ යම් පසු තැවීමක් ඇති වූවත් එයට දැන් වේලාව නොවේ. කෙසේ හෝ සැලැස්ම ක්‍රියාත්මක කල යුතුය

 

අප වාට්ටුවෙහි ඇත්තේ දැල් දොරකි.එයට තරමක් විශාල ඉබ්බෙක් යොදා ඇත.පලපුරුද්ද ඇති කෙනෙකුටනම් එය පහසුවෙන් විවෘත කල හැකිය. මා කලක් එහි ප්‍රවීණයෙක් වී සිටියත් කාලයත් සමග එම දක්ෂතාවන් මග හැරී යන්නට ඇත.නමුත් රොහා ගැන මා සම්පූර්ණ විශ්වාසය තැබුවේ ඔහුගේ තිබූ ධෛර්යයමත් බව නිසාය

 

“හරි දැන් තමා වේලාව උඹ ලැහැස්ත්යිනේ”

 

“ඔව් යමං” මම එක හුස්මට කීවේ අවසාන වතාවට බිත්ති දෙසත් සුජී දෙසත් රැඳවියන් දෙසත් බලමිනි

 

රොහා සගවා ගෙන තිබූ කටුවක් ගෙන දොරෙහි අගුල පන්නන්නට විය.නිළධාරියා සිටින්නේ ශාලාව කෙලවරේ පුටුවක හරි බැරි ගැසී පුටුවක නිදාගෙනය.”ක්ලික්” හඩ නංවමින් අගුල විවෘත විය.වාසනාවකට එය නිළධාරියාට ඇසුනේ නැත

 

“යමං.. රොහා මගේ කනට කොඳුරා අතින් සංඥා කලේය.රොහාගේ පිටුපසින් මමද අප සිටි වාට්ටුවෙන් එලියට පැන ගත්තෙමි.කෑලි කැපිය හැකි ඝන අඳුර බාධාවක් කර නොගනිමින් ඉදිරියට පය තැබුවෙමු.වාසනාව හා අවසානය දෝලනය වෙමින් පැවති මේ රාත්රියේ අවාසනාව අප දෙසට දෝලනය වන්නට පටන් ගෙන තිබිණි.යම් තරමක් දුරට  අප ඉදිරියට යන්නට ඇත.අවාසනාවක මහත

 

“දඩස”, විශාල ශබ්දයක් අප වාට්ටුව දෙසින් ඇසෙන්නට විය.අනිවාර්යෙන්ම එය සුළගට දොර වැසුණු ශබ්දය විය යුතුය.අප අතින් අත්වැරදිමක් සිදුව ඇත.දැන් එය හරිගස්සන්ටද බැරිය.එසේනම් නිළධාරියා දැන් අවදිවි ඇත. අප පැනගොස් ඇති බව ඔහු දැනගෙනය

 

“ඉක්මන් කරපං, දැන් කකුල් දෙකට වැදලා දුවපං, මන් උඹේ පස්සෙන් එන්නම්. නැවතුනා කියන්නේ ආයෙත් සුපුරුදු කාළකන්නි ජිවිතේ“

 

ආපසු හැරීයාමක්ද නොමැත.දැන් ඉතිරිව ඇත්තේ රොහා සමග පන බේරා ගෙන දිවීමය.ඝන අඳුරේ වෙළ මැදින් රොහා පෙරටු කොට ගෙන මා දුවන්නට විය.වැස්සේ තෙමෙමින්, මඩේ එරෙමින් නිදහස් ජීවිතයක් කරා ගමන් කෙරූ ඒ ගමන ගැන මට කිසිදු පසු තැවීමක් නොමැත.මා සිතා සිටි ආකාරයට දේව දූතයා පිටුපසය.බියවීමට කිසිදු හේතුවක් නොමැත.එබැවින් කටු පඳුරු මතින් යට් පතුල් වලින් ලේ ගලමින් මේ භයංකාර රාත්‍රියේ ඉදිරියට ඇදෙන්නට විය.කෙසේ හෝ සිර කඳවුරේ කම්බි වැටෙන් එලියට පැනගත් මා රොහා පසුපසින් පැමිණෙන බව සැකහැර දැන ගත්තේය

 

ඈතින් සිරකඳවුරේ සයිරන් හඩ ඇසිණි.එසේනම් මේ වන විට නිළධාරීන් අපව ලුහුබ¢නවා නිසැකය. මම හනික ඉදිරියේ තිබූ තාප්පයකින් වත්තකට පැනීමට උත්සහ කලෙමි.අහෝ අවාසනාවක මහත, මගේ පය පැටලී වත්ත තුලට ඇද වැටුණි.මහ හඩක් නංවමින් මා වත්ත තුලට පතිත විය.හිස කැරකෙන බවක් මට දැනින.යාන්තමින් මෙන් රොහාගේ මුහුණ අඩවන් වූ දෙනෙත් තුලින් දැකගන්නට ලැබිණි

 

එලෙස තවත් විනාඩි කිහිපයක් මට සිහිය නොමැතිව සිටින්නට ඇත.මගේ ඔලුවෙන් ලේ ගලමින් තිඹේවිගහට දෙපයින් සිටගත් මා ඔලුවේ වූ තුවාලය අතින් පිරිමැද්දෙමි. ”රොහා” යැයි ඉබේටම මට කියැවිණි. ඝන අඳුරේම තෙමෙමින් රොහාගේ නම කියමින් කෑ ගසමින් හතර වටේ විපරම් කරත් රොහාගේ සලකුණක් නැත.එනම් රොහා අතුරුදහන්ය.

 

සිදුවු සිදුවීම ගලපා ගැනීමට මම මොහොතක් කල්පනා කරන්නට පටන් ගත්තෙමි.මට සිදු වූ අනතුරින් පසු රොහා පෙනෙන්නට නැත.ඔහු මා දමා ගොසින්ද?, මිනිසුන්ට එසේ ආත්මාර්ථකාමී විය හැකිද?, මම තවත් මිනිත්තු කිහිපයක් ඔහු වෙනුවෙන් වැය කිරීමට තීරණය කලෙමි.මිනිත්තු පහලවකට වඩා මා බලා සිටින්නට ඇත.නමුත් ඔහු නැවත එන පාටක් පෙනෙන්නට නැත.මම ඝන අන්ධකාරයේ මහ වර්ෂාව මැද අතරමංව සිටිමි.

 

සැබැවින්ම මාගේ ලෝකය මා දෑස් ඉදිරිපිටටම කඩා වැටෙමින් පවතී.මගේ ලෝකයෙහි වීරයෙක්ව සිටි රොහා දැන් දුෂ්ඨයෙක් බවට පත්ව ඇත.මම ටිකින් ටික ඔහුට ශාප කිරීමට පටන් ගත්තෙමි.මා වියරු වැටෙන්නට ඇත.මා ඔහුගේ නමට ශාප කරමින් හිස් වූ අහස දෙස බලා සිටින්නට විය.මම ඔහුට ශාප කරමින් පරුෂ වචනයෙන් බැන වදින්නට පටන් ගත්තෙමි.

 

“කාලකන්නි බල්ලා, උඹෙන් මන් මේකට පලිය ගන්නවා” යැයි දහස්වාරයක් මගේ මුවෙන් නැගුනේ එම වචනවල කිසිදු අනුකම්පාවක් ගැබ් වී නොමැති අයුරුනි.දසතින් ගලා ආ සීතල මාගේ ශරීරය විනිවිද යන්නට පටන් ගෙන තිබිණි.අත පය හා හෘඋදයද වඩාත් වේගයෙන්  ස්ඵන්දනය වෙමින් රිදුම් දෙයි.තවත් බලා ඉදීමේ තේරුමක් නොතිබූ බැවින් අසල වැලක තිබූ කලිසමක් හා ටී ෂර්ටයක් ඇඳ ගත්තෙමි.දුම්රිය අල්ලා ගැනීම සඳහා දැන් අවධානය යොමු කල යුතුය

 

ඒ සඳහා දුම්රියපල දෙසට පය නැගුවා පමණි.සුනඛයන්ගේ බිරුම් හඩක් ලගින් ඇසෙන්නට විය.මම තිගැස්සී ගියෙමි.නිළධාරීන් මා පසු පස හඹා විත් ඇත.තවත් කිලෝමීටරයක පමණ දුරක් ඉතිරිව ඇත

 

මම වහා ගමන් කිරීම ඇරබ්ඹුවා පමණි.සියලුම ශක්තිය හා ධෛර්යය මාගේ දෙපා වලට ලබා දුන් මා දෙවියන් සිහි කරමින් කටු කම්බි මතින් දිවීම ඇරඹිණි.මා දිව යන ශබ්දය ඇසුණා විය යුතුය

 

“අරූ දුවනවා,මේ පැත්තෙන් වරෙන්”

 

මා දිව යන ශබ්දය ඇසුනා විය යුතුය.ඒ සමගම මාගේ වේගය තවත් වැඩි කෙරිණි.දිව යන අතරවාරයේ රොහා සිහි කරමින් සිදු කල ශාප කිරීම් වල අඩුවක් නොවීය.ඔහුගේ මුලු ආත්මයටම මම දිගින් දිගටම ශාප කරන්නට විය.කෙසේ හෝ අවසානයේ දුම්රියපල වෙත ලගාවිණි.තවත් මිනිත්තු කිහිපයක් රැ¢ය යුතු බව ඉවෙන් මෙන් වැටහිනි.ආත්මාර්ථකාමී පුද්ගලයෙකු විසින් මා අඳුරට ඇද දමා ඇත.මම වරක් ආදරයෙන් පැරදුනෙමි.මෙවර මිත්‍රත්වය විසින් මා පරාද කර ඇත.

 

එක්වරම නිළධාරීන් දෙදනෙක් මා ඉදිරියට පැමිණියේ නොසිතූ අයුරුනි.එයින් එක් නිළධාරියෙක් රාජකාරියේ යෙදි සිටි නිළධාරියාය.දිවීමෙන්ද පලක් නැත.ඔවුන් කෙසේ හෝ මා අල්ලා ගැනෙනු ඇත.මම අසල තිබූ මුගුරක් අතට ගත්තෙමි.

 

“මහත්තයෝ, එකෙක් එන්න එපා ළගට, දෙයියම්පා ඔලුව කුඩුවෙන්න ගහනවා”

 

“චූටි,නවත්තපං, උඹට මුකුත් කරන් නෑ,ආපහු යමන් මැරුම් නොකා” නිළධාරීයා උස් හඩින් මා ඇමතිය.

 

යම් කරුණක් මාගේ සිත වෙත ගලා ආවේ නිරායාසයෙනි.” මා සොයාගත්තානම් රොහාත් අහුවෙලා ඇති.එහෙනම් ආපසු ගියොත් ඌට හොඳ පාඩමක් ඉගැන්විය හැකිය”

 

“මහත්තයෝ රොහා අහුවුනද?

 

“කවුරු” නිළධාරියා උස් හඩින්  විමසිය”

 

“රොහා මහත්තයෝ,මාත් එක්ක හිටපු අනිකා,ඌයි මායි එකට පැන්නේ”

 

“ආයෙ එකෙක් වාට්ටුවෙන් පැනලා නෑ,උඹ විතරයි වාට්ටුවේ අඩු,කරුණාකරල ඔය පොල්ල පැත්තකට දාපන්”

 

නිළධාරියා පැවසූ වදන් වලින් මම තුෂ්ණිම්භූත විය.කුමක් හෝ වරදක් සිදු වී ඇත.මෙතෙක් කල් මා ඇසුරු කල රොහා ඔවුන් දන්නේ නැත.

 

“මහත්තයෝ, මම එදා වසන්තට ගහද්දි හිටපු අනිත් එකා රොහා, ඌත් මාත් එක්ක පැනලා ආවා,ඌව අල්ල ගත්තේ නැද්ද දෙයියනේ?

 

“මොනවද උඹ කියවන්නේ? උඹ තමා එදා තනියෙන් වසන්තට ගහලා තිබ්ඹේතමුසේ පුදුම වෙනසක්නේ බන් ඒ දවස්වල පෙන්නුවේ.අපේ එවුන් හිතාන් හිටියේ උඹේ ඔලුවේ විකාර හොඳ වෙලා කියලා.ඒකයි උඹට බුරුලක් දිලා තිබ්ඹේ අපේ කරුමේ උඹව විශ්වාස කරපු එක “ක්‍රැහ් තුහ්…” නිළධාරියා කෝපයෙන් කෙල ගැසුවේය.

 

මගේ අතපය වාරු නැති විය.එම වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නට විය.එසේනම් රොහා යනු කවුරුන්ද?මගේ දුක බෙදාගත් රොහා යනු කවුරුන්ද?මා මෙතෙක් කල් දැක ඇත්තේ සිහිනයක්ද?මම සිහිනයක අතරමංවී ඇත්ද? දෙපා වාරු නැති විය.මම රේල් පාරෙහි ඉඳ ගැනිණි.

 

“චුටි”

 

හුරුපුරුදු කටහ`ඩකි.”දෙවියනි” රොහා මගේ අසලය.”රොහා” මට කෑ ගැසුනි

 

“මේ ඉන්නේ රොහා මහත්තයෝ,මූ ගැන තමා මන් කීවේ” කියමින් රොහා දෙසට අත දිගු කලෙමි

 

“උඹ අපිව විහිඵවකට ගත්තද? බලපන් ඇස් ඇරලා,උඹ අත් දික් කරන් ඉන්නේ උඹටමයි.දැන් යමන්,උඹේ පිස්සුවට බෙහෙත් එහේ තියෙනවා”

 

“චූටි,අහපන්,මේ බලපං, බලපං මන් දිහා,උඹ දන්නවා මම කවුද කියලා,කටින් කියපං බය නැතුව”

 

මට කරුණු වැටහෙමින් තිබිණි.කරුණු එකින් එක මට පැහැදිලි වන්නට විය

 

“උඹයි මායි අපි දෙන්නම එක්කෙනෙක්” මට හිමිහිට කියැවිණි

 

“අහ් උඹට තේරුනා, උඹ හැම රෑකම ඇහැරගෙන නිවටයෙක් වගේ කල්පනා කරපු නිසා තමයි මම උඹේ මනසින් එලියට ආවේ.උඹ දුර්වලයෙක් විදියට මේ සමාජයේ හැන්ගෙද්දි උඹව වීරයෙක් කලේ මමයි.උඹ උඹේ මනස තුල හිරවෙනකොට මම උඹේ ශරීරයෙන් එලියට ආවා.උඹ කරේ මම දිහා නිහඩව බලාන් හිටපු එක විතරයි.චූටි මම උඹව වීරයෙක් කලා,අර බිත්ති හතරින් එලියට එක්කගෙන ආවා,දැන් අපි ඉන්නේ අවසානයේ,මම කියන විදියට ඉතුරු ටිකත් කරහන්,අරුන් දෙන්නව මරපන්

 

එසේනම් රොහා ලෙසද හැසිරී ඇත්තේ මාය.අනිද්‍රාව නිසා මේ සියල්ල සිදු වී ඇත.රොහා යනු මා විසින් මාගේ ආත්මය හා ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනිම සඳහා මා විසින් ඇති කරගත් චරිතයකි.වසන්ත හට පහර එල්ල කොට ඇත්තේද මාය,රැඳවියන් වටකර කතා කියා ඇත්තේද මාය.රැඳවියන් අතර වීරයෙක්ද වී ඇත්තේ මාය.දොරෙහි අගුල විවෘත කර ඇත්තේද මමය.හිස තුල හෙනයක් පුපුරන්නාක් මෙන් දැනිනි.දුම්රියේ නලා හඩ ඈතින් ඇසෙන්නට විය.එය ලග ලගම පැමිණෙනවා විය යුතුය

 

එක්වරම මා දුටුවේ රොහා නිළධාරීන්ට පහර දිම සඳහා ඉදිරියට ඇදෙන ආකාරයයි.එසේනම් ඒ ඉදිරියට ඇදෙන්නේ මාය.මා බලා සිටින්නේ මාගේ ශරීරය දෙසමය.රොහා යනු ශක්තිමත් නිර්භය මාය.චූටි යනු නිවට, බියගුඵ මාය.කෙසේ වූවත් ආත්මය මාගේය.එය මට පමණක් අයිතිය.තවත් වැරුද්දක් සිදුවීමට ඉඩදිය නොහැක

 

එමනිසා එක්වරම මාගේ සිතේ ඇතිවූ ධෛර්යකින් මා රේල් පාර මතට පැන්නෙමි.මා දුටුවේ රොහාද ඒ ආකාරයටම පසු පසට පනින ආකාරයයි.එසේනම් ඔහුගේ පාලනය මා අතෙහිය.ඔහු මා දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයකිනි,මම රේල් පාරෙහි ඉදිරිය දෙස බැලුවෙමි.විශාල ආලෝකයකින් මගේ ඇස් නිලංකාර විය.

 

“එපා” යැයි කටහඩක් යන්තමින් මගේ මනසේ රැව් පිළිරුව් දෙන්නට විය.නමුත් මට එයට අවනත වීමට අවශහ් නොවිනි.සියලු දේ මනසින් මැකී යාමට පටන් ගෙන තිබිණි.මතකය ගිලිහී යාමට මත්තෙන් තවත් එක් කරුණක් සිහියට නැගිනි.එනම් “ඔහු යක්ෂයාද? නැතහොත් දේව දූතයාද?”

 

Author – Nimeshaka Ayeshmantha
Email – nimeshaka123@gmail.com
Download – අන්දකාරයේ මිත්‍රත්වය – Nimeshaka Ayeshmantha

Quick Share
Share on facebook
Share on whatsapp
Share on linkedin

Related Articles

රතු කුඩය (rathu kudaya) by Abhisheka Ranasinghe

“අද නම් කැම්පස් බස් එක මිස්වෙනවා ශුවර් වෙලාව 8.35යි. කෝකටත් කමක් නෑ… එතනට ගිහින් බලලම යනවා… ත්‍රී වීල් වල ගිහිනුත්

Read More »
“කල්‍යාණ මිත්‍ර ආත්ම බන්ධන” (kalyana mithra aathma bhandhana) by Sanduni Wijesooriya

පක්ෂීන්ගේ කිචිබිචි නාදයත් තුරුලතාවල නැවුම් බවත් එක්කොට ගත් රමණීය ප්‍රදේශයක් ලෙස සමගිපුර ගම්මානය දැක්විය හැකග මෙම ගම්මානය ජාතිල ආගම්ල කුලමලල

Read More »