“පාලම යට” (palama yata) by Dulanji Shashiprabha

“ට්‍රිං.. ට්‍රිං.. ට්‍රිං..”

පාසල පටන් ගන්න විනාඩියක් තිබියදි දසුන් පන්තියට දිව්වේ හති දාගෙන.

“මේ මේ කොහෙද දුවන්නේ? අද තමුන්ගෙ පන්තිය අතුගාන දවසනෙ. ඉක්මනට ගිහින් පන්තිය අතුගානව‍ා”

පන්තියේ ළමයි දසුන් ව අල්ල ගත්තෙ වරදක් කරලා අහුවෙච්ච පළමු විත්තිකාරයා වගේ. දසුන් ඉක්නට පන්තිය අතුගාන්න ගත්තා.

“ඒයි, පන්තිය අතුගානවා වගේ තමුසෙගෙ ඇඳුමත් දැන් අතුගාලා දාන්න කාලෙ හරි වගේ.”

කටකාර නිමාෂ් කිව්වේ දසුන් දිහා බලාගෙන සමච්චලේට වගේ..

“ඔන්න ඔන්න ගණන්කාරයා එනෝ..”

ළමයි හැමෝම ඉක්මනට ගිහින් තම තමන්ගෙ පොත් ටික ගුරුමේසය උඩින් තිබ්බා.

“ඒයි කෝ මේ දසුන්ගෙ පොත?”

“ම…මම ම..ම ගණන් හැදුවේ නෑ ස..ර්”

“දසුන්ට ගණන් හදන්න වෙලාවක් නැතිලු සර් නංගිලා මල්ලිලා බලාගන්න තියෙනවලු”

ළමයි හැමෝම නිමාෂ්ගෙ කතාවට හිනාවෙන්න ගත්තා.

“නංගිලා මල්ලිලා බැලුවට රෑට අම්මයි තාත්තයි ගෙදර ඇතිනෙ? ඒ වෙලාවටත් ඔය ගණන් ටික හදන්න බැරි ද?”

“ආ.. දසුන්ට ගණන් හදන්න වෙන්නෙ කණාමැදිරි එළියෙන් තමයි සර්.”

නිමාෂ් ආයෙම දසුන් වෙනුවට උත්තර දුන්න.

“ඇයි මොකද දසුන්ගෙ ගෙදර ලයිට් නැද්ද? අඩු ගානෙ කුප්පි ලාම්පුවක්වත් නැද්ද?”

දසුන් බිම බලාගෙන හිටියා මිසක කාගෙවත් දිහා බැලුවෙ නෑ.

“හා හා කමක් නෑ අදට අපි දසුන්ට සමාව දෙමු. ඒ කොහොම වුන්ත් කමක් නෑ දසුන් මෙනන් මේ ගණන් ටික බෝඩ් එකේ හදලා පෙන්නන්නකෝ”

දසුන් ඉක්මනට බෝඩ් එකට ගිහින් ගණන් හදන්න ගත්තේ විීරයෙක් වගේ.. ළමයි හැමෝම පුදුම වෙලා බලාගෙන හිටියා. විනාඩි තුනක් යද්දි දසුන් ගණන් ඔක්කොම ටික හැදුවා. සර් දසුන් දිහා බැලුවෙත් පුදුම වෙලා.

“දසුන් හරි ම දක්ෂයෙක්නෙ. ගණන් ටික පොතේ හැදුවෙ නැති වුණාට දසුන් අනිත් හැම ළමයෙක්ටම වඩා දක්ෂයිනෙ. මට හරිම සතුටුයි.”

ඉන්දික සර් කිව්වෙ දසුන්ගෙ ඇඟට තට්ටුවකුත් දාන ගමන් ම. සර් ක්ලාස් එකෙන් එළියට ගියාම ළමයි හැමෝම මාව වටකරගත්තා.

“කොහේද දසුන් තමුසෙ පාලම යට ගණන් පන්තියට ද යන්නෙ?මටත් කියනවකො ඒ පන්තිය කොහේද කියලා.”

දසුන් විවේක කාලයේ දි ගුරු විවේකාගාරයට ගියේ ඉන්දික සර් ඉන්නවද බලන්න. හැමෝම ගුරුවරු ඒ වෙලාවේ කෑම කනවා. ඒ කෑමවල සුවඳ  දසුන්ට ඉවසගන්න බැරි වුණා. අපිට කවදා මෙහෙම කෑම කන්න ලැබෙයිද? දසුන් කල්පනා කර කර හිටියා.

“මොකද මේ ළමයා මෙතනට වෙලා කරන්නේ? අපිට මේ ඉන්ටර්වල් එකටවත් නිදහස් ඉන්න නැද්ද? කවුරුහරි එක්ක ගැටි ඇනගෙන මෙතන්ට ආව ද? බලනවා තමුසෙගෙ හැටි? “

ඉංග්‍රීසි උගන්වන මේනකා මිස් දසුන්ට බැනගෙන ගියේ කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව

“හා..හා..මමයි ඔය ළමයට එන්න කිව්වෙ..”

දසුන්ට කලින් ඉන්දික සර් උත්තර දුන්නා.

“හොඳයි මෙහෙම නැළෙවුවොත්!”

මේනකා මිස් ඉන්දික සර්ටත් ගෝරනාඩුවක් දැම්මා.

ස්ටාෆ්රූම් එකේ ඇතින් තිබුණ පුටුවකට ගිහින් ඉන්දික සර් දසුන් එක්ක කතා කරන්න පටන් ගත්තා.

“පුතා ඔයා ඉන්ටර්වල් එකට කාලද?”

 

පුතා? කවදාවත් අහලා නැති වචනයක් දසුන් හිනාවුණේ හරිම සතුටින්. මෙච්චර කාලයක් යකෝ, බූරුවෝ, කොල්ලො අගේ වචන විතරක් අහන්න ලැබුණු දසුන්ට මේක ලෙිකු සතුටත් වූණා.

දසුන් මොනවත් ම නොකියා සර් දිහා බලාගෙන හිටියා.

“පුතා දසුන් මට කතා කරන්න.”

“න්..නෑ..නෑ සර් අපි උදේට දවල්ට කියලා කෑම කන්නේ නෑ සර්”

“ඇයි පුතා ඒ?”

“සර් අපේ ගෙදර නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි අම්මයි තාත්තයි මමයි හය දෙනෙක් ඉන්නවා. ඒත් අපිට කන්න බොන්නවත් සල්ලි නෑ. අපිට හරියට ඉන්න ගෙයක්වත් නෑ සර්.”.

“එතකොට දැන් කොහේද දසුන් ඉන්නෙ?”

“”අපි ඉන්නෙ පාලම යට තියෙන ලෑලි ගෙවල් පේළියේ සර්”

ඉන්දික සර්ගෙ ඇස් උඩ ගියා.

“මොනවා මේ තරම් දක්ෂ දරුවෙක්. “

ඉන්දික සර් කන්න ගෙනාව බිත්තර රොටි දෙකම දසුන්ට දුන්නෙ හිතේ ඇතිුණ දුකට.

“මේ මොනවද? “

දසුන් දිලිසෙන ඇස් දෙකෙන් සර් දිහා බලාගෙන ඇහුවා..

“මෙතන බිත්තර රොටි දෙකක් තියෙනවා. ඔයා ඔක කන්න.”

“බැහැ සර්. මම මේක ගෙදර අරන් යනවා. නංගිලාටයි මල්ලිලාටයි දීල කනවා”.

“කමක් නෑ.. “

ඉන්දික සර් කිව්වෙ දසුන්ගෙ ඔළුව අතගාලා ම.

 

එදා දසුන්ගෙ ජීවිතෙ ලස්සනම දවසක් වුණා. ගෙදර යන්නඅන්තිම බෙල් එක කොයිවෙලේ නාද වෙයි ද කියලා හිත හිතා හිටියෙ. බෙල් එක ගැහුවා විතරයි දසුන් ගෙදර ගියේ විදුලි වේගයකින්.

 

“අම්මේ.. අම්මේ.”

“බොල ගෑනියේ මෙනවද මේ කන්න තියෙන්නේ? අද උදේටත් පාන්ග රෑටත් කැඳ.. මට දැන් යකෙක් කන්න බඩගිනියි.”

“මම මොනවා කරන්නද? මේ කරුමෙ මගෙ විතරද? ඔහේ ගෙනත් දෙන සොච්චමට තමයි මම වැඩ කරන්නෙ. පුළුවන්නම් කාපල්ලා.. නැත්නම්.”

“නැත්නම්? මොකක්ද උබ කිව්වෙ? උබ මගේ තරම දන්නේ නෑ”

“ටක ටකාස්”

තාත්තා ගෙදර තිබුණ හට්ටි මුට්ටි වියරුවෙන් වගේ පොළවෙ ගෙහන්න ගත්තා.

දසුන් බිත්තර රොටි දෙක දිහා බැලුවා.. මෙච්චර රස කැමක් ලැබිලත් ඒක සතුටින් කන්න බැරි හැටි..

“ආ..ඔය එන්නෙ ලොකු ඉලන්දාරියා..ඔය ඉස්කෝලෙ ගිහිල්ලා මහ රජෙක් වෙන්නද? දැන් අතපය හොල්ලලා වැඩක් කරපල්ලා..”

දසුන් මොනවත් ම නොකියා අරගෙන ආව බිත්තර රොටි දෙක මේසෙ උඩින් තිබ්බා.

 

“හරිම රසයි අයියේ.. කොහෙන්ද අයියේ මේවා.. මට හෙටත් ගෙනත් දෙන්නකෝ..”

නංගි අතත් ලෙව කාලා කිව්වා.

දසුන් රෑ නිදාගන්න කලින් අම්මා ළඟට ගියා.

“තාත්තා දවල් ගහපුවා රිදෙනවද අම්මේ? මම හෙට ඉඳලා අමරෙ මාමාත් එක්ක වැලි ගොඩ දාන්න යන්නද? “

දසුන් අමම්ගෙන් ඇහුයෙ තාත්තගෙන් අම්මට හැමදාම කරදරේ සල්ලි නැතිකම නිසා බව දන්න නිසා.

“මගෙ පුතා ඒවා හිතන්න එපා.. තාත්තා මොනවා කිව්වත් උබට ආදරෙයි.”

 

****************

රෑට පාරේ ලයිට් එක යට යන දසුන් කල්පනා කළේ හඳට විභාගෙ පාස් වෙලා ලොකු රස්සාවක් කරලා අම්මට සාරියක් අන්දලා නංගිට මල්ලිටත් හොඳට උගන්නලා පාලම යට ජීවිතේට කවදහරි සමුදෙන අදහසින්..

”ආ.. තාත්තගෙ බේබදුකමිනුත් ඈත් කරලා තාත්තාත් හොඳ තැනකට ගන්න ඕන.”

එතකොටමපාර් ලයිට් රක ලඟට කවුදෝ කට්ටියක් ආවා..

 

“ඒයි ළමයා මෙකඳ මෙතනට වෙලා කරන්නෙ? කෝ ඔයාගෙ අම්මා තාත්තා?”

ඒ මිනිස්සු දසුන්ව වට කරගත්තා.

“මම.. ම..මම පාඩම් කරනවා මහත්තයෝ.. අපේ ගෙදරට ලයිට් නැ එක කුප්පි ලාම්පුවයි තියෙන්නෙ. ඒකත් රැවෙනකොට නිවෙනවා. ඊළඟ දවසෙ ලාම්පුව පත්තු කර ගන්න තෙල් ඉතුරු කර ගන්න ඕන නිසා..”

දසුන් බොහොම අසරණ විදියට කිව්වා.

“ආ.. පුතා බයවෙන්න එපා.. අපි ඔයාට කරදරයක් කරන්නෙ නෑ.. කෝ බලන්න ඔයාගේ පොත්පත්.. කෝ ඉතින් ලියන පොත් නැද්ද?”

“මම අභ්‍යාස පොත්වල ලියන්නේ නෑ මහත්තයො.. අපිට ඒවට සල්ලි නෑ.. මහත්තයො මේ මගේ රිපෝට් එක.”

“මට නම් මේක හිතාගන්නත් බෑ.. මේ තරම් දක්ෂ දරුවෙක්.. මේ වගේ තෑනක..”

එතනට ආව හැමකෙනෙක්ම මගේ ලකුණු දැකලා පුදුම වුණා.

“අපි සමාජ සේවා ආයතනයකින් පුතා.. අපි කැමතියි ඔයාට උදව් කරන්න.”

දසුන් ගොඩක් සතුටු වුණා..ගෙදර තියෙන අඟහිගකම් ඔක්කොම එයාලට කිව්වා.. උදේම එයාලා දසුන්ලගෙ ගෙදරටත් ආවා..

“අනේ මහත්තයෝ මගේ කොලල්ට මහ ඒජන්ත කරන්නයැ. මගෙ රස්සාව පොල් කඩන එක. පුළුවන් නම් මෙන්න මේ පොඩිවුන්ට කෑම ටිකක් දෙන්න.”

තාත්තා නොතේරුම්කමට එහෙම කිව්වට අම්මගෙ මූණෙ නම් සතුට දෝරෙ ගලනවා.

“මෙයා මොනවද මේ කියන්නෙ? මගේ පුතාට පොල් කඩන රස්සාව කරන්න ඕන නැ. මේ දරුවට හොඳ රස්සාවක් කරන්න පුළුවන් නේද මහත්තයො?”

“අන්න හරි අම්මට තේරුණා”

දසුන් වෙදට වඩා උදෙන්ම පාසල් ගියා.. හැමෝම වගේ ඉස්කෝලෙ පත්තර ලෑල්ලට එකේ වටවෙලා.. එතන ප්‍රින්සිපල්, මේනකා මිස් වගේම ඉන්දික සර් හිටියා..

“පාලම යට දක්ෂයා..”

ලොකුම අකුරින් ලියලා දසුන්ගෙ ෆොටෝ එකකුත් දාලා.. දසුන්ටත් හරි ම පුදුමයි.. දසුන්ගෙ රිපෝට් එකේ ලකුණුත් පත්තරේ පැත්තකින් දාලා තිබුණා..

“ඔය ළමයා අපේ පාසලට ලොකු කිර්තියක්.. මට බොහොම සතුටුයි පුතා ගැන.”.

ප්‍රින්සිපල් මාව දැක්ක ගමන් කිව්වා.

“මල කෝලම් මේක ඉස්කෝලෙටත් අවනම්බුවක්! මේ වගේ ළමයි එන ඉස්කෝලෙට අපේ දරුවොත් එනවනෙ”

සාරා මිස් මං දිහා බලාගෙනම කිව්වා..

දැන් දැන් දසුන් හරි ම කැමැත්තෙන් පාලම යට ගිහින් පාඩම් කරන්නෙ හරි ද ආසාවෙන්.. හුඟාක් රෑවෙනකම් පාඩම් කළා.. සාමාන්‍ය පෙළ විභාගයටත් හෙඳින් මුහුණ දුන්නා..

කාලය වේගයෙන් ගෙවිලාා ගියා.. අද තමයි ප්‍රතිඵල එන දවස.. දසුන් උදේම ඉස්කෝලෙට ගියා..

 

“අපේ පාසලේ 11 – b ශ්‍රෙිණයේ දසුන් පුතා A නවනයක් ලබාගෙන තියෙනවා.”.

හැමෝම මාව වටකරගෙන.. මාාව පිළිගන්න මල් කළඹකුත් ගෙනල්ලා.. ඒ අතරේ මන්ත්‍රිතුමා ඇවිත් අපේ පාසලේ පරිගණක කාමරේ වැඩ පටන් ගන්න මුල්ගලත්තිබ්බා..

ඊට පහුවෙනිදම පාලම යට ගෙවල් පේළියට මන්ත්‍රීතුමා ආවා.. හැමෝම කැඳවලා රැස්වීමක තිබ්බා..

“පාලම යට දක්ෂයා.. මේ දසුන් දරුවා අද වෙනකොට විශිෂ්ට විදියට විභාගය සමතත් වෙලා.. මේක ඔයාලා හැමෝගෙම ලක් එක. මම ලබන මාසෙම මේ ගෙවල් 25 වෙනුවට ගොඩකන්ද ගමේම ලස්සන පරිසරයක ගෙවල් 25 ක් හදලා දෙනවා.. ඒක මේ ළමයගෙ නමින් ම නම් කරනවා..”

මාසයකට පසු..

“එන්න පුතා මං එක්කම මේ පීත්ත පටිය කපන්න”

“මගේ පුතාට තෙරුවන් සරණයි”

අමම්ත් එතනට ආවා..

“බොහොම ස්තූතියි මන්ත්‍රීතුමා ඔබතුමාට බොහොම පින්.”

තව සතියකින් සා.පෙළ විභාගය තියෙන නිසා දසුන්ගෙ අම්ම ඇවිත් දසුන්ගෙ ඔළුව අතගාලා පාඩම්කරන්න අවදි කෙරෙව්වා..

“මොකද? පුතා කවදද මන්ර්‍ත්‍රතුමා මුණ ගැහුණෙ?”

අම්මගේ ඒ සද්දෙට තමයි දසුන් නැගිට්ටෙ.

“මේක හීනයක්? වෙන්න බැ වෙන්න බෑ මම විභාගෙ පාස් වුණා.. අපිට ගෙවල් හම්බවුණා. හරි ෂෝක් නේද අම්මෙ? මම දිනුම් අම්මෙ මම දිනුම්..”

ඒත් දසුන් ඇස් දෙ පිහිදලා වටපිට බලනකොට තමයි දැක්කෙ තවමත් පාලම යට ලෑලි ගෙදර පැදුර උඩ තමයි ඉන්නැ කියලා..

 

නිමි…

 

Author – Dulanji Shashiprabha
Email – dulanjishashiprabha2019@gmail.com
Download – පාලම යට – Dulanji Shashiprabha

Quick Share
Share on facebook
Share on whatsapp
Share on linkedin

Related Articles

“අන්දකාරයේ මිත්‍රත්වය” (andhakaraye mithrathwaya) by Nimeshaka Ayeshmantha

“ඞ්ඞ්ඩෝං” හෙණ හඩින් අඩ නින්දේ පසු වූ මා ගැස්සී අවදිවූයේ එයට ශාප කරමිනි.මහා වරුසාවක් සිරමැදිරියේ වහලය තුලට පතිත වෙමින් තිබිණි.සීතලත්,

Read More »
රතු කුඩය (rathu kudaya) by Abhisheka Ranasinghe

“අද නම් කැම්පස් බස් එක මිස්වෙනවා ශුවර් වෙලාව 8.35යි. කෝකටත් කමක් නෑ… එතනට ගිහින් බලලම යනවා… ත්‍රී වීල් වල ගිහිනුත්

Read More »
“කල්‍යාණ මිත්‍ර ආත්ම බන්ධන” (kalyana mithra aathma bhandhana) by Sanduni Wijesooriya

පක්ෂීන්ගේ කිචිබිචි නාදයත් තුරුලතාවල නැවුම් බවත් එක්කොට ගත් රමණීය ප්‍රදේශයක් ලෙස සමගිපුර ගම්මානය දැක්විය හැකග මෙම ගම්මානය ජාතිල ආගම්ල කුලමලල

Read More »