රතු කුඩය (rathu kudaya) by Abhisheka Ranasinghe

“අද නම් කැම්පස් බස් එක මිස්වෙනවා ශුවර් වෙලාව 8.35යි. කෝකටත් කමක් නෑ… එතනට ගිහින් බලලම යනවා… ත්‍රී වීල් වල ගිහිනුත් නෑ… මලකරදරේ… ඒ අස්සේම මේ ජරා වැස්සක් කඩන් වැටුනනෙ… දැන් ඉතිං අද ඉවරයි, හවසට හොඳවැයින් අහගන්න පුලූවන්. මටමයි වෙන්නේ…” ඈ සිතුවාය.

“ගොලූමඩම බහින අය ඉස්සරහට එන්න”

සෙනග අස්සෙන් පීරගන ගිහින් යන්තම් දොරගාවට සෙට් උනා. “අම්මෝ මේ මිනිස්සූ පොඩ්ඩක්වත් එහාට වෙන්නෙත් නෑ… ඇයි අප්පා මටම වෙන්නේ…”නැවතත් ඈ සිතින් මැසිවිලි නගයි

“ගොලූමඩමෙන් බහින අය බහින්න.. ඉක්මන් කරන්න..” කොන්දගේ අඬ අඬියාව ඉවරයක් නෑ…

ට්‍රැෆික් එකේම බැහැලා යන්තන් පාර පැන්නට මොකද, දිග සායයි, ටීෂර්ට් එකයි, බාටා කෑලි දෙකයි දාලා පොලේ යනව වඟේ.. ඒ මදිවට මේ වැස්ස… හැමදාම වැස්සට ආදරේ කළත් මොකද අද ඈ වැස්සට ඒ තරමටම බනින්නී ය. මන්දයත් ඇය සිටින්නේ අද සවසට ඇයට සීනියර්ස්ලගෙන් පරක්කු වීමට බැනුම් අහන්නට වේ යැයි බියෙනි.

ඈත තියා බැලූවත් ඇයට කැම්පස් බසය නොපෙනුණි. නමුත් බසය දෙවනවර යලි පැමිණෙතැයි ඇය අසා තිබුණි. “කමක් නෑ කෝකත් එකයි” යැයි සිතා ඇය නැවත අඩිය ඉක්මන් කර එතනට ගියත් එහි වුයේ එක් අයෙකු පමණි

නැවතත් ඇයට ගැටලූවක් බස් එක අද ගිහින් තමයි… අහන්න කෙනෙකුත් නෑ… එක මනුස්සයෙක් විතරයි ඉන්නේ… ඈ ඔහු දෙස නොබැලුවාය. මන්ද ඇය බිය වූ නිසාත් නොහඳුනන නිසාත්‍ ය. නමුත් වර්ෂාවේ කිසිදු අඩුවකුත් නැත.. කෝකටත් කියා ඈ ඇගේ රතු කුඩයත් ඉහලාගෙන අනෝරා වැස්සේ බසය එනතෙක් මදවේලාවක් සිටියාය.

පසුව ටික වේලාවකින් ඇය වටපිට බැලූවේ නැවතත් බසය පිළිබඳ ඇසීමට කවරෙකුත් නැති නිසාය. එවිට ඇය දුටුවේ අර කලින් කී පුද්ගලයාය. නැවතත් ඇය අවධානයෙන් බැලුවිට දුටුවේ ඔහු සමවයසේ තරුණයෙක් කියාය.

“ඈ… සින්නෙක්වත්ද අපෝ ඉඳලා හමාරයි.. අදනම් මහ ජරා දවසක්” යැයි ඈ සිතින් කොඳුරමින් සිට නැවතත් ඔහු දෙස බැලුවාය. නමුත් ඔහු මද සිනාවක් පෑවා පමණි. රතු ටීෂර්ටයක් හැදි ඔහු කොණ්ඩය කොටටම කැපූ අයෙකි. ඩෙනිමක්, පොත් බෑගයක් බාටා දෙකක් පැලඳ සිටියද කුඩයක් රැගෙන පැමිණ නැත. “කුඩයක්වත් ගෙනත් නෑ මේ මෝඩයා” ඈ සිතුවා ය. පළතුරු කඩයේ ඉදිරිපස අයෙකුට වැස්සකට සිටීමට ඉඩ ඇති නැති තරම්‍ ය.

පසුව ඇය ඕන දෙයක් උනාදෙන් මං අහනවා කැම්පස් බස් එක ගියාද කියලා යැයි සිතා ඇය මදක් හැරී බැලූවිට නැවතත් ඔහු මද සිනහවක් පෑවේය. ඇයට යම් සහනයක් දැනුනද නැවතත් ඈ සිතුවාය

“ශqවර් එකටම මේ නම් අපේ බැජෙකේ කෙනෙක්, කොන්ඩේ කපන්න කිව්වේ අපේ අයටනේ… ඒත් ඉතිං මං මේ මෝඩයව කලින් දැකලා නෑනේ… ඈ සිතන්නට වූවාය. පසුව ඇය නැවතත් හැරී බලා ටිකක් ළඟට ගොස් ඇසෙන නෑසෙන තරමින් “ඔයා අපේ බැච් එකේ කෙනෙක්ද” යැයි ඔහුගෙන් විමසීය..  ඔහු මදක් සිතා “ඔව් ඔව්” යැයි පැවසීය. ඇයට මහත් අස්වැසිල්ලකි. ඇයට හිතපුරා සිනහවක් නැගිණි. පසුව ඈ යලිත් “කැම්පස් බස් එක එනකන්ද ඉන්නේ” යැයි විමසුවාය. නැවතත් ඔහු සිනාසී “ඔව්” යැයි පැවසීය.

දැන් ඇයට සහනයකි. ඈ සෙමෙන් කුඩයත් ගෙන ඇයත් ඔහු අසලට එනම් පලතුරු කඩයේ පිල යටට ගොස් කුඩය පහත්කොට සිටියාය. මන්ද ඇයට ආරක්ෂිත බවක් හා සහනයක් දැනුණු නිසාවෙනි.

ටිකකින් ඔහු කතාවට මුල පිරුවේය. “ඔයා කොහේ ඉඳලද  එන්නේ”’

ඇය “මං ගෙදර ඉඳලා එන්නේ.. මාලඹේ, අද පරක්කු උනා බස් එක මග ඇරුනා මට”

ඔහු “ආහ්හ් එහෙමඳ..මටත් නින්ද ගියා…යාලූවෝ ටික මාව දාලා ගිහින්…” ඔහු ඉතා සරලව පැවසීය

පසුව ඒ අතර බසය පැමිනියද එහි යෑමට සිටියේ ඇයත් ඔහුත් තව එක් අයෙකුත් පමණි.. නමුත් වර්ෂාවේද කිසිදු අඩුවක් නොවූ අතර ඇය කුඩය ඉහලා බසයට ගොඩවීටම යන්න සැරසුනද ඇයට ඔහු සිහි වී… “එන්න මාත් එක්ක යමු තෙමෙනවනේ යැයි පැවසීය..” පසුව ඔහු සිනාසී එයට එකඟ වූ බව පෙන් වු නිසා ඇය ඔහුට කුඩය ඉසලීමට දුන් අතර දෙදෙනාම එක්ව ගොස් බසයට නැග දෙතැනක වාඩි විය… ටිකකින් ඔහු”මේ ඔයාගේ කුඩය” යැයි කුඩය ඇයට සිහිකෙරු අතර.. ඔවුන් එකිනෙකා සිනාසුනාය..

පසුව කිසිවෙකුත් නොවූ නිසා ඇය පැමිණ ඔහු අසලින් අසුන් ගත්තාය.. මන්ද ඇය බියෙන් වු නිසාවෙනි… “අද අපිව අල්ලගනිඳ.. මට හවසට ගෙදර යන්න දෙන් එකක් නෑ… රෑ වෙද්දි බස් නෑනේ යන්න…. බුදුන් වඳීන්න ඉන්න වෙයි…” ඇය මැසිවිලි හඬින් පැවසුවාය”

“අහ්හ් අපි නම් හැමදාම හිටියා… රෑවෙලා ගියේ.. ”

පසුව කැම්පසයට පැමිනි අතර දෙදෙනා වෙන්ව ගියාය..

 

******* ******* ******* ******* ******* ******* ******* ******* ******* ******* ******* *******

සතියකට පසු

ඇය සුපුරුදු පරිදි බසය එනතෙක් සිටි අතර ඔහුත් පැමිණියේය.. ඔවුන් සිනාසුනා පමණි… පසුව බසයට පැමිණ අසුන් ගත් අතර එදින එවුන් අසුන් ගත්තේ දෙපසකය නමුත් ඔහු සීරුවට ඇගේ දෙස බලන ඇයුරු ඇය දුටුවද ඇය ඒ ගැන සිතුවේ නැත.

නැවතත් ඔවුන් හමුවිය.. එදින ඔවුන් දෙදෙනා සිහදශීලී අයුරින් සිනාසුනු අතර “අද බස් එක නැද්ඳ.” යැයි ඔහු ඇසීය.. “ඒක තමයි…˜ ඇයගේ පිළිතුර විය.. පසුව ඔවුන් බසයට ගොඩ වූ අතර.. එකිනෙකා පිලිබඳ හඳුනා ගැනීම සිදුවිය’

“ඔයාගේ නම මොකද්ද ??”

“සමනලී…. ”

“එතකොට ඔයාගේ ”

“නිර්මාල්… ”

“අහ්හ් මොකද්ද කරන කෝස් එක ? ”

“මං Management ”

“මං Education, එතකොට ඔයාගේ ගෙවල් කොහෙද”

“මං නුවර”

“එහෙමද”’

“අහ්හ් මේ, ඔයාලට Assignment එහෙම දුන්නඳ. ”

“ඔව් දුන්න”

“මට English එහෙම අමාරුයි, ගොඩක් දවසකට පස්සෙනේ… ”

“ඔව් දුන්නා”

“ඔයාලට මේ Assignment එක දුන්නද ඔහු ජංගම දුරකතනය ගෙන පෙන්නුවේය”’

“ඔව් මේකමයි අපිට දුන්නේ.. ”

“ඔයාලා උත්තර ලිවුවද”

“ඔව්”

“Submut කලාද”

“ඔව්”

“උත්තර ටික නැද්ද””

“අහ්හ් තිබුනා… photos හැබැයි තියෙන්නේ,ඉතිං කොහොමද මං දෙන්නේ… ”

“අහ්හ් එහෙනම් whatsapp කරන්න… ”

“අහ් හා, ඒත් කෝ මා ගාව නෑනෙ ඔයාගේ Number එක””

“අපොයි ඔව්මයි නෑනේ… එහෙනම් ……” කියා නම්බර් එක දුන් අතර ඇය ඔහුට photos ටික ලබා දුන්නාය”’

ඇය සියල්ල යැවූ පසු, ඡායාරූපය (DP photos) දෙස බලා “මේ photo එකේ ඉන්නේ ඔයාද?”

“ඔව්, ඇයි ?”

“නෑ මට අඳුරගන්න බැරි උනා… එතන ලස්සනයි”

ඇය කිසිවක් නොකියා සිනාසුනා පමණි”

පසුව ඔවුන් හොඳම මිතුරන් වූ අතර නිතර කතා කරමින් කාලය ගත වූ අතර, ඔවුන් එකිනෙකා නිතර හමු නොවුනත් සමීප යහලූවන් මෙන් ආශ්‍රය කලා ය.

කාලය සෙමෙන් සෙමෙන් ගත වන අතර එකිනෙකා තවත් හොදින් විවෘතව කතා කරමින් සිටින අතර දෙදෙනා දෙදෙනාගේ හොඳම යහලූවන් බවට පත්විය.. නමුත් දෙදෙනා කිසිම අයුරකින් විශ්වවිදයාල භූමියේදි හමු නොවීය මන්ද ඔවුන්ගේ මුල් කාලය වූ නිසාවෙනි.. බොහෝවිට එලිමහනේ ගැවසුනු විට සවසට බැනුම් අසන්නට වීම එයට ප්‍රධානතම හේතුව විය

පසුව දිනෙක ඇය සිය මිතුරිය සමග පුස්තකාලයට ගිය අතර එහි§ ඔහු පොත් කවුන්ටරය අසල සිටි අතර ඇය සෙමෙන් උරහිසට තට්ටුවක් දැම්මාය. ඔහු ක්ෂණිකව හැරී බලා “අහ්හ් කොහොමද පොත් ගන්න ආවද” යැයි පවසා සිය පොතගෙන “එහෙනම් මං යන්නම් කියා පිටව ගියේ ය… ”

පසුව මොවුන් දෙදෙනාගේ සමීප බව ඉතාමත් වැඩිවෙත්ම ඈගේ සිතේ තුල ඔහු ගැන ලෙන්ගතු බවක් දැනුනද ඒ කිසිවක් ඔහුට පැවසුවේ නැත.

පසුව ඔවුන්ගේ පිළිගැනීමේ දින ඔහු ඇන්දේ ඇගේ ආසම පැහැය විය. ඇයත් ඔහුත් මිතුරන් සමග ඇවිදින්නට ගියා ය. එවිටද ඇගේ සිත තුල දවසින් දවස ඔහුකෙරේ පැහැ§මට කරුණු ඇතිවුවාක් වැනිය. ඔහුගේ කරන කියන දෙයින් ඇගේ සිතේ ඇති සිතුවිල්ල තහවුරු කරන්නාක් වැනි යැයි ඇයට දැනුනි. නමුත් ඇය බිය වූයේ තම මිතුරා ඈ කෙරෙන් ඈත් වේ යැයි කියාය.

මෙසේ දිනමාස ගෙවී එකිනෙකා දෙදෙනාටම විවෘත මිතුරන් වූවා ය. දැන් දැන් ඔහුව ඇයට හො¢න් වැටහෙන්නට වූයේ ඇය දිනෙක සිහින මැවූ සිහින කුමරා සතු යහපත් ගතිගුණ සියල්ලක් ඔහු සතු වූ නිසාත්, පෙර හඳුනාගත් දින පටන් ඔහු පිළිබඳ ඇගේ සිත තුල යහපත් සිතුවිලි පමණ ඇතිවීමත් ය. මන්ද ඔහුත් ඉතා කරුණාවන්ත ප්‍රියමනාප සන්සුන් තරුණයෙකු වුයේ ය. ඇයත් මින් පෙර පෙම්කර නොමැත.

දිනෙන් දින ඔහුගෙන් ලැබුනු ප්‍රතිචාර ඉදිරියේ ඇය තවත් තම සිතෙන් ආලය කිරීමට පටන්ගත්තාය

මන්ද ඇය සෙවූ සියලූම ගුණාංගයන්ගෙන් පිරි අයෙක් වුවා ය. එමෙන්ම ඇයත් මින් පෙර කිසිවෙකුට මෙතරම් ලෙන්ගතු වී නැත. ඇයට බොහෝ අයගෙන් පෙම් ඇරයුම් ලැබුනද ඈ ඊට ප්‍රතිචාර දක්වාද නොතිබිණ, එනමුත් ඔහු කෙරේ ඇගේ සිතේ හටගත්තා වූ සිතුවිලි නැවුම්‍ ය. ඈ බොහෝ නිහතමානී තරුණියක් වූ නිසා ඇය නිතර සිතුවේ යම් හෝ හේතුවකින් ඔහුට ඇගෙන් බාධාවක් වේ යැයි කියා ය. එනිසා ඈ කිසිම හේතුවකින් ඔහුට ආලය කරන බව ඉස්මතු කර දැනවීමට කටයුතු නොකලා ය

දිනක් ඇයට තදින් උන වැලඳුනු අතර ඒ වන විට ඇය සිටියේ බෝඩිමේය (රාත්‍රී දේශණ ඇති නිසා ඇය මේ වන විටබෝඩිමක නතර වී සිටියා ය). තවත් මිතුරියක (දිනූ) සමග අසනීප තත්වය වැඩි නිසා ඒ බව පැවසූ

“යමං බෙහෙත් ගන්න… උඹට ඕන මැරෙන්නඳ. ඊයේ ඉඳල නේද යකෝ ඔය උණ..” ඇය ලැස්ති වී බෙහෙත් ගන්නට ගියා ය

එවිටම ඇයට ඔහුගෙන් කෙටි පණිවිඩයක් පැමිණි අතර එහි වුයේ

“දැන් කොහොම ද ඔයාට”

“තාම අඩු නෑ”

“තාමත් අමාරුද? බෙහෙත් ගන්න ගියාද?” යනුවෙනි

“ඔව් මං දැන් ඩොක්ටර්ගාව ඉන්නේ”

“කොයි ඩොක්ටර් ගාවද? කාතෙක්කද බෙහෙත් ගන්න ගියේ?”

“මං දිනූ එක්ක ආවේ.. එයා එතනට ආවා ”

“ඇයි මට කිව්වේ නැත්තේ..”

“දිනූ ආවනේ… මං ආවේ දිනූගේ වදේට”

“මං කිව්වට ඔයා කිසි දෙයක් අහන්නේ නෑනේ ඉතිං, තනියමද එතකොට යන්නේ”

“ඔව් 6 lane එකෙන් යනවා”

“ඇයි තනියම ආවේ ? කියන්න තිබුනනේ.. මං එනකන් ඉන්න, මං එන්නම් එක්කගන යන්න”

එදිනද මහා වර්ෂාවකී, අද ඔවුන් හමුවූ මුල් දිනය ඇයට සිහිවිය.. ඇගේ සිතේ ඔහු කෙරේ වූ මිත්‍රත්වයට එහාත් ප්රේමයත් අතර වූ සිතුවිලි තවත් දැනෙන්නට වූයේ ඔහු ඈ තනි වීමට ඉඩ නො§ ඇය නවාතැනට එක්කගන යන්නට පැමිනිමය..

“අහ්හ් එහෙනම් පරිස්සමින් පලයන් දෙන්නත් එක්ක” (දිනූ ඔලොක්කුවට මෙන් සිනාසී පිටව ගියාය)

පසුව දුරකථන නාදවිය ඒ ඔහුය “මං ඇවිත් ඉන්නේ එන්න ”

“හා”

ඔහු කුඩයක් ද රැගෙන මා එනතුරු පාර අයිනේ සිට.. පරෙස්සමට අප දෙදෙනා පාර මාරු වීය.. ඈ සිතින් බොහෝ සේ සතුටින්‍ ය.. ගමන පටන්ගත්§ම ඔහු ඇයට ඇසෙන නෑසෙන ගානට සින්දුවක් කියමින් ගියේ ය. වරින් වර දෙදෙනාගේ ඇස් හමු වූවාක් පමණි.. නමුත් කිසිවෙක් කතා කරේ නැත.. නමුත් ගමන් කිරීමට වූයේ කුඩා දුරක් නිසා ඉක්මනින් ගමන නිමාවිය..

“වෙලාවට බෙහෙත් බොන්න… එහෙනම් පරිස්සමින් ඉන්න…මං යන්නම්”

“හා ඔයත් පරිස්සමින් යන්න”

“බුදුසරණයි”

“බුදුසරණයි”(ඇයට ලෝභය, අනේ යන්න එපා ඉන්න කියන්නට තරම් ඈගේ හිතේ ආදරේය.. නමුත් ඈ කිසිම දිනෙක ඒ බව ඔහුට හැඟවූයේ නැත) ඔහු පිටව යනතුරූ ඈ බලා සිටියේ ය”

ඇය මිතුරියට (දිනූට) දුරකතන ඇමතුමක් ගෙන “මං බෝඩිමට ආවා”

මිතුරිය “අහ්හ් පරිස්සමින් ගියාද, බෙහෙත් ටික බීපන් වෙලාවට.. ”

“හා”

“උඹට සතුටුයි නේද, ඔන්න බලපන්කෝ… බෙහෙත් ඕනත් නෑ උඹට සනීපවෙයි (ඈ උස් හඬින් සිනාසෙයි)

“ඇයි ?”

“නෑ ඉතිං, අද ආවනේ බෝඩිමට ගිහින් බස්සන්න”

“අනේ එහෙම දෙයක් නැ.. ඔය වෙනදටත් ඇවිත් තියෙන්නේ”

“අනේ මේ මගුලක් කියවන්න එපා.. affair එකකුත් නැතුව මේ වැස්සෙ තෙමීගෙන ඌ උඹව බෝඩිමට ඇරලන්න ආවේ, Good Morning, Good Night කියන්නේ, උඹ ගැන හොයල බලන්නේ දරුකමට හදා ගන්නඳ.. අනේ මේ උඹ මගෙන් කුණුහර්ප අහගන්න එපා.. චයදබැ එක තියපන් මගේ යකා අවුස්සන්නේ නැතුව”

පසුව ඈඳට වැටී දහසකුත් දෑ සිතමින් සිතුවේ මිතුරියකී දෑ සියල්ල ඇත්තය.. මං ගැන හොයන්නේ මොකටද එහෙම නැත්තම්.. එයා මං ගැන චුට්ටක් හරි හිතන නිසානේ ඒ ආවේ.. ඈ සිතුවාය. ඇය අගේ දින පොතෙයි සටහනක් තැබූවා ය

“ඔබත් එක්ක එහෙම ඇවිදන් යද්දී
මට ඕන තවටිකක් හිමියිට යන්න
ගොඩක්වෙලා කතා අහ අහ යන්න
කරුවලේම මගේ ඇස්වලට එබෙද්දි…
අපේ ඇස්වලට අපිවම යහුවෙද්දී
කවදාවත් ස්පර්ෂ නොවු ඒ ආදරේ
සීත සුළ`ගක් වගේ මාවම වෙලගන්නවා…
ඔබ පුංචි පුංචි සින්දු කෑලි මුමුනද්දී
මේ හිත කිව්වෙම මටමයි කියලා
ගමනාන්තයට අපි ලංවෙද්දි
මේ ඇස් වත්තන් කරන් ඔබ දිහා බලන්නේ
අනේ මාව දාලා යන්න එපා කියලා
මගේ හිත ආයේ ආයෙත් මුමුණන නිසා..
ඒත ඔබ ආපසු යන්නම ඕන
අපි සිටින්නේ දෙපලක නිසා..”

******* ******* ******* ******* ******* ******* ******* ******* ******* ******* ******* *******

පසු දිනෙක ඈ දනහිසට පමණ දිග ඇති ගවුමක් ඇඳ දේශනයට ගිය අතර එදින දේශනය නොමැති බව දන්වා පණිවිඩයක් (email) ලැබුණේ පන්තියේ දොරගාව අසල දිය

“මොන මගුලක්ද මංද මං මේ මගුල දමල ගහලා යනවා ගෙදර” සිතු ඒ ඇගේ මිතුරිය විය

“අපි යමුකෝ කන්න කෑවේ නෑනේ බඩගිනී…”

“මං මේක photo copy අරං එන්නම් ඔයා කෑම ගන්න ගිහින්” ඈ පිටත් විය

ඒ වන විට ඔහුගේ ප්‍රේම සම්බන්ධය නතර වී තිබින. එකිනෙකා විවෘත නිසා ඔහුගේ කතාව දෙදෙනා දැන උන්නත් ඇගේ සිතේ හටගෙන තිබූ අසීමිත සෙනෙහසත් ආදරයත් නිසා ඈ තවත් ඔහු පිළිබඳ සොයාබලමින් ඔහු ගැන සිතුවේ ය. ඈ සෑමවිටම සිතුවේ ඔහු අස්වසාලීමටය.. ඔහුගේ ගමනාන්තය තෙක් ඔහුට සවියක් වීමටය..

“ආහ්හ්හ්… කවුද බං මේ කෑල්ල.. බලපන්කෝ නැලවිල්ල…” ඒද ඇගේ ම බැච් එකේ අයම විය

ඇය සිනා සී පිටව ගියා පමණි…

පසුව ඇයට ඔහුගේත් ඇගේත් මිතුරෙකු පැමිණ පැවසුවේ.. “අන්න අරූට මල පැනලා ආයේ නම් ඔය ගවුම අඳන්න බැරිවෙයි.. හොඳ වැඩේ කොට ගවුම් ඇඳන් ආවට” යැයි පැවසීය ඔහු එදින නොසිතුපරිදි ඔහුගේ සිතෙහි සිතුවිලි ඉස්මතු වූ බව ඈ හට මිතුරන් පැවසී ය.

පසුව ඇයට දිනෙක ඔහු පැවසූයේ “ඒ ගවුම අයේ අදින්න එපා.. ඒක ඔයාට හරියන්නේ.. නෑ.. ”

“ඇයි ඒ.. හැමෝම ලස්සනයි කිව්වා.. කවුරුවත් කැතයි කිව්වේ නෑනේ.. ”

“හ්ම්ම්ම් අනේ මංඳ. ආයේ ඒක අදින්න එපා”

“හා…”

ඇය එකඟවිය ඒ කිසිවක් නිසා නොව ඇය ඔහු කෙරේ තිබූ ආදරයත් ගෞරවයත් නිසාය. ඈ හට දුන් කිසිදු අවවාදයක් ඈ වදයක් කරනොගත් අතර ඈ සතුටින් ඒ සියල්ල බාර ගත්තාය, පිළිගත්තාය

දිනක් ඔහුට ද උණ වැළඳී තිබුණි… නමුත් ඔහු ඈ හට ඒ බව හැඟවූයේ නැත.. සුපුරුදු පරිදි කතා කලේ ය

පසුදින උදේ කෙටිපණිවිඩයක් විය, එහි වූයේ..”මට හොඳටම උණ..” යනුවෙනි

ඈ බොහොසේ දුක් වූවාය.. ඇය නැවතත් ඇසුවේ.. “ගොඩක් අමාරුද ඔයාට..”

“ඔව්.. මං දවස් දෙකකින් කෑවෙත් නෑ… ”

“ඇයි ඔයා මට කිව්වේ නැත්තේ.. ”

“ඔයාට කියලා මොනව කරන්නඳ..”

“අද බෙහෙත් ගන්න යමුඳ.. මං එන්නම් තනියම යන්න බෑනේ… ”

“ඕන නෑ… මං යාලූවෙක් එක්ක යන්නම්.. ”

“දැන් කාලත් නෑ… ඔයා මට තමයි උපදෙස්දෙන්නේ.. කියනදේ අහන්නේ නෑ කියලා බනින්නේ.. ඒත් ඔයත් එහෙමනේ… ” (ඈ බොහොසේ දුක්වූ නිසාත් මැසිවිලි නැගිය..)

එක්වරම ඇයට සිහියට ආ දෙයනම් ඔහු මාමයිට් පානය කිරීමට ආස බවය.. එය රෝගී අයට ශක්තිජනක පානයක් වූ නිසාත් කෑම අරුචිය නිසාත් ඈ හට එය සිහි විය

“ඔයා මමයිට් බොනවා නේද මං හදලා දෙන්නඳ. ”

“එපා.. කරදර වෙන්න එපා.. තනියම පාරේ යන්නත් එපා.. අනික කඩේ යන්නත් ඕනනේ.. ”

“ඔයා නම් අනේ මංඳ. ඉන්නකෝ.. ”

“හා.. ”

ඈ මුදල් පසුම්බිය බැලූවද ඈ සතුව මුදල් ඇත්තේ සුලූ ප්‍රමාණයකි.. එය ඇගේ කෑම සඳහාය.. කමක් නෑ.. එයා කාලත් නෑනේ.. ඕනවෙලාවට නැතිදේ පස්සේ වැඩක් නෑ.. ඈ ඔහුට එය පිළියෙල කර දුන්නාය.. ඇය ඔහුට කිසිදු දුකක් කරදරයක් වනු දැකීමට අකමැති වූවා ය. එනිසා ඔහු අසනීප වීම ඇයට බොහෝ සේ වේදනා ගෙන දුන් හේතුවක්විය

“පරිස්සමින් යන්න..” ඔහු බෙහෝසේ විඩා බර පෙනුමක් සහිත විය.. ඈ නැවත් පැමිණි අතර “මං ආවා… “ඔහුට කෙටි පණිවිඩයක් යැවිය

“Thank You ඒක රසයි.. ඒත් ඔයා කරදර වෙන්න එපා”

“මං තව මගේ ඔඩිකොලොන් බෝතලෙත් දැම්මා, බෑග් එකට ඒකෙන් ටිකක් ඔලූවට දාගන නිදාගන්න ටිකක්”

“අතේ සල්ලී තිබුන ඳ..”

“දැන් නිදාගන්නකො… මහන්සිනේ… ”

නැවතත් කෙටි පණිවිඩයක් යැවූ ඇය “මං දවල්ට බත් එකකුත් ගේන්න ද?”

“එපා එපා… ”

“කමක් නෑ මං හදලා දෙන්නම් මට පුලුවන්”

“කියනදේ අහන්න බැරිද ”

“හ්ම්ම්ම්ම් පූලුවන් ”

“මට බත් එපා, කන්න බෑ මට. ඒ නිසා ඔයා මහන්සි වෙන්න එපා. කියනදේ අහන්නකො…. ”

“හරි.. හරි…. දැන් නිදාගන්නකො… මහන්සිනේ… ඇහැරුනාම පිට එකක් දාන්නකො….”

ඈ ඇගේ උපරිමයෙන් සියල්ල සිදුකරනුයේ අන් කිසිවක් නිසා නොව ඈ අසිමිතව ආදරය කල නිසාවෙනි. කිසිම දිනෙක ඈ ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවු අතර ඈ ඇගේ උපරිමයෙන් කටයුතු කලා ය.. රස කෑමක් බෝඩිමේ පිසුව සෑමදාකම ඇය ඔහුට කොටසක් වෙන්කලා ය.

 

******* ******* ******* ******* ******* ******* ******* ******* ******* ******* ******* *******

“මං ගෙදර යනවා.. බුදුසරණයි”

“බුදුසරණයි…”

ඇය සෑම සති අන්තයේම ගෙදර ගිය අතර ඔහු ගෙදර ගියේ ඉඳහිටය…

නමුත් ඔහු ගෙදර යන සෑම දිනකම

“මං යනවා… ”

“හා පරිස්සමින් යන්න.. ගිහින් msg එකක් දාන්න බුදුසරණයි”

නමුත් කිසිම දිනෙක ඔහු ගෙදර ගිය බව ඇයට පැවසුවේ නැත.. පසු දින Good Morning කියනවා පමණි.. නමුත් පෙර දින ඇය පාන්දර 1 පමන වෙනතුරු බලා හිඳ නිදාගන්නා අතර පසුදා විමසන විට”මං 8ට විතර ගෙදරට ආවේ..” යයි පවසයි”

“අනේ මං බලන් හිටියනේ.. ඇයි කිව්වේ නැත්තේ.. ”

“මං යනකන් ඔයා බලන් ඉන්න එපා..මං ඔයාට හැමදාම කියනවනේ බලන් ඉන්න එපා කියලා” ඈගේ සිත පෑරෙන වෙන කිසිවක් නැත…

ඔහුගේ උපනඳීනයට. ඈ පෙර සිට සැරසී ඔහුට හද පුරා සුභ පැතුවා ය. ඒ ඔහු වෙනුවෙන් ලියු නිසැඳසක් සහ ලස්සන ත්‍යාගයක් දුන්නා ය

“ම්ම්ම්ම් ඒක ලස්සනයි”

“ඔයා ආසද ඒකට”

“ඔව් ලස්සනයි…” එය ඇගේ සිත සතුටින් පිරවුවා ය

ඈ බොහෝ සේ නිදහස් ජිවිතයක් ගත කරන තරුණියක් වූ නිසා ඈ වෙනස් ය. සැවොම ඉදිරියේ ඈ මෙසේ විවෘත නොවූවා ය. එය ඔහු ද මනා සේ දැන සිටි කරුණක් වුයේ ය. ඈ මේ සියල්ල සිදුකරනුයේ ඔහු කෙරේ වූ අසීමිත සෙනෙහස නිසාම ය. ඇගේ සතුට දුක වේදනාව ඇය ඔහු සමග බෙදාගත්තා ය

 

******* ******* ******* ******* ******* ******* ******* ******* ******* ******* ******* *******

දිනක් හදිසියේම ඔහු යමක් විමසුවේ‍ය.. එය ඇය කිසිදු දිනක බලාපොරොත්තු නොවු දෙයක් විය

“මං මේ අහන දේට හරියටම උත්ත්‍තර දෙන්න… බොරු කියන්න එපා…”

“මං ඔයාට කවදාවත් බොරු කියලා නැනේ”

“හරි මං ඒක දන්නවා”

“එයෙනම් ඇයි එහෙම කිව්වේ… අවිස්වාස ද මාව ?”

“එහෙනම් ඔයා මට කැමති ඳ.”

“ඇයි එහෙම අහන්නේ.. ”

“මං අහනදේට මුලින්…. උත්තර දෙන්න.. ”

ඇය බොහෝ සේ තැතිගත්තාය..

“එහෙම දෙයක් නෑ ඔයා මගේ හොඳම යාලූවා…” ( ඈ බොහෝ සේ ආදරය කලද කිසිදිනෙක කිසිවක් පැවසුවේ නැත.. ඒ කිසිවක් නිසා නොව ඇගේ සිතේ වු බිය නිසාවෙනි, ඒ ඔහු අහිමි වේ යැයි බියෙනි. මන්ද ඔවුන් මිතුරන් සේ බොහෝ සමීපය. අන් කිසිදු මිතුරෙකු මෙතරම් විශ්වාසවන්ත වී නැත)

“අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ… ඒ නිසා මට ඇත්තම කියන්න..” ඔහු නැවත්ත් විමසිය

ඇය ඇගේ යෙහෙළිය සිතූට ඇමතුමක් එකක් ගෙන ඇසුවේ “මොකද යකෝ මේ අඩන්නේ…. මොකද්ද උනේ?”

ඈ හඩමින් “සිතූ… නිර්වාන්”

“ඔව් ඉතිං ඒ පණ්ඩිතයා අද මොකද්ද කිව්වේ ?”

“මගේ හිතේ කැමැත්තක් තියනවද අහනවා මං මොකද්ද කියන්නේ” සිතූ ඇගේ සියල්ල දන්නා හොදම යෙහෙළියන්ගෙන් අයෙකි…

“ඔව් නම් කියන්න එපා… ”

“අනේ… මට බොරු කරන්න ඹෑ.. මං ආදරෙයි”

ඇය සුපුරුදු දෙයම කිවා ය., සිතූ පෙර සිටම පැවසුවේ.. ඔහු ඉතා සංකීර්ණ අයෙක් බවත්.. ඔහුගේ සිතුම් පැතුම් තේරුම් ගැනිම අපහසු බවත්‍ ය.. ඔහු කියනා දේ හොඳවුවත් කිරීමට අපහසු බවත් ය.. “practically කරන්න බෑ ඕවා උඹ එහෙනම් රහත් වෙයන්… ඇත්තටම ඒකගේ මොලේ හොද නෑ… “ඇය පැවසුවේ එලෙස යා

“එහෙනම් උඹ නටපන්… හා කියලා, ඒකා මොනවා කිව්වත් අඬාගන ඇවිත් මට නම් කියන්න එපා..” යැයි පවසා ඈ දුරකථනය විසන්දි කලාය

පසුව ඔහු ඇයගෙන් කීපවරක්ම එකම ප්‍රශ්නය විමසුවද ඇයගේ පිළිතුර වූයේ නැත යන්නයි. නමුත් ඈ සැබවින්ම ආදරය කරනවා යන්න පැවසීමටත් වඩා බිය වූයේ බොරු කියන්නට සිදුවීමය. කිසිම දිනෙක ඈ බොරු කිරීමට නොසිතුවා ය. පසුව ඇය “හා”

නැවතත් “ඔව් මං ආදරෙයි.. ඒත් ඒ අයිති කරගන්න නෙවෙයි. ඒත් මං ගොඩක් ආදරෙයි” යැයි ඇය බොහෝ වේලාවකට පසු පැවසුවා ය

“හ්ම්ම්ම්.. මට දැනුනා”ඔහුගේ පිළිතුර විය.

නමුත් ඇය බොහෝ සේ බියටපත්වී හැඬුවා ය

“මොකද්ද..”’

“මට දැනුනා ඔයාගේ හිතේ මං ගැන බලාපොරොත්තු තියාගන ඉන්නවා කියලා… ඒත් ඒක කවදාවත් වෙන්නේ නෑ… ”

ඈගේ හදවත් පුපුරා යන්නාක් මෙන් වේදනාවක් විය. කිසිදු දිනෙක ඈ ඔහුගෙන් මෙවත් පිළිතුරක් බලාපොරොත්තු වූයේ නැත. නමුත් කිසිම දිනෙක ඈ මේ කරුණ ඔහු නොවිමසන්නට ප්‍රකාශ කරන්නේද නැත. එමෙන්ම ඔහුට එය පහසු පිළිතුරක් විය.

“අනේ මට ඔයාව අයිති කරගන්නවත් ලබා ගන්නවත් ඕන උනේ නෑ… ඒත් මං ඔයාට කියන්න බැරි තරම් ආදරෙයි… මට සමාවෙන්න… ”

එය ඇගේ අවසන් පිළිතුර විය.

******* ******* ******* ******* ******* ******* ******* ******* ******* ******* ******* *******

ඇගේ සටහන් පොතේ මෙසේ සටහන් වී විය”

 

“මානම් නොවේ ඔබ සොයනා යසෝදරා

එනමුත් සිතෙන්නේ මිතුරියක කියා

සතුටෙදි නැතත් දුක් කම්කටොලූ දරා

ඉන්නට හැකි ඔබ හට වීරියම පතා”

*සමනළී*

Author – Abhisheka Ranasinghe
Email – rabisheka@gmail.com
Download – රතු කුඩය – Abisheka Ranasinha

Quick Share
Share on facebook
Share on whatsapp
Share on linkedin

Related Articles

“අන්දකාරයේ මිත්‍රත්වය” (andhakaraye mithrathwaya) by Nimeshaka Ayeshmantha

“ඞ්ඞ්ඩෝං” හෙණ හඩින් අඩ නින්දේ පසු වූ මා ගැස්සී අවදිවූයේ එයට ශාප කරමිනි.මහා වරුසාවක් සිරමැදිරියේ වහලය තුලට පතිත වෙමින් තිබිණි.සීතලත්,

Read More »
“කල්‍යාණ මිත්‍ර ආත්ම බන්ධන” (kalyana mithra aathma bhandhana) by Sanduni Wijesooriya

පක්ෂීන්ගේ කිචිබිචි නාදයත් තුරුලතාවල නැවුම් බවත් එක්කොට ගත් රමණීය ප්‍රදේශයක් ලෙස සමගිපුර ගම්මානය දැක්විය හැකග මෙම ගම්මානය ජාතිල ආගම්ල කුලමලල

Read More »